leader s

ලන්ඩනයේ පදිංචිව සිටින 10 හැවිරිදි ආශ්චර්යමත් චෙස් ක්‍රීඩිකාවක් කාන්තා ජාත්‍යන්තර මාස්ටර් නිල නාමය හිමිකර ගත් ළාබාලතම පුද්ගලයා බවට පත්ව සිටිනවා.

හැරෝ පෙදෙසේ බෝධනා සිවනන්දන් (Bodhana Sivanandan) මේ මස මුල ලිවපූල් නගරයේ පැවති 2025 බ්‍රිතාන්‍ය චෙස් ශූරතාවලියේදී චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙකු පරාජය කළ ළාබලතම ක්‍රීඩිකාව බවට ද ඉතිහාසගත වුනා. ඇය වෙතින් පරාජය ලැබුවේ 66 හැවිරිදි ග්‍රෑන්ඩ්මාස්ටර් පීට් වෙල්ස් (Pete Wells).

සිවනන්දන් වයස අවුරුදු 10යි මාස 5යි දින 3ක්ව සිටිමින් මකා දැමුවේ අමෙරිකාවේ කැරීසා ඉප් (Carissa Yip) අවුරුදු 10යි මාස 11යි දින 20ක් වයසැතිව සිටියදී 2019 වසරේදී ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙකු පරදවා පිහිටුවා තිබූ වාර්තාව බව ජාත්‍යන්තර චෙස් සමමේලනය (FIDE) ප්‍රකාශ කරනවා.

 

gettyimages 2228948685

සිවනන්දන් දැන් ‘කාන්තා ජාත්‍යන්තර මාස්ටර්’ තත්ත්වය උපයා ගෙන තිබෙනවා. එය කාන්තා ග්‍රෑන්ඩ්මාස්ටර් ට පමණක් දෙවැනි වන කාන්තාවන්ට විශේෂයෙන් පිරිනමන දෙවැනියට උසස්ම ශ්‍රේණි නාමයයි.

චෙස් ක්‍රීඩාවේ ඉහළම තත්ත්වය වන ග්‍රෑන්ඩ්මාස්ටර් කිරුළ හිමිකර ගෙන සිටින්නේ වර්තමාන ලෝක චෙස් ශූර Gukesh Dommaraju සහ ලෝක අංක 1 ට ශ්‍රේණිගතව සිටින Magnus Carlsen. චෙස් ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි ඉහළම තත්ත්වය වන ග්‍රෑන්ඩ්මාස්ටර් ශ්‍රේණිය ජීවිතය පුරාම අයිතිව තිබෙනවා.

මීට පෙර තම පවුලේ කිසිම කෙනෙක් චෙස් ක්‍රීඩාවේ දස්කම් දක්වා නැති බව ඇගේ පියා 2024 වසරේදී කියා සිටියා.

 

360e4950 7853 11f0 8d1f b10c011c40aa.jpg

කොවිඩ් වසංගත සමයේ තමාට වයස අවුරුදු පහක්ව තිබියදී තම පියාගේ මිතුරෙක් සෙල්ලම් බඩු හා පොත් ත්‍යාග  කිරීමෙන් පසුව තමා චෙස් ක්‍රීඩාවට නැඹුරු වූ බව සිවනන්දන් පවසනවා.

“ඒ එක තෑගි මල්ලක, චෙස් ලෑල්ලක් තියෙනවා මම දැක්කා. ඒ වෙලාවේ මට චෙස් ඉත්තන් ගැන උනන්දුවක් ඇතිවුනා” යනුවෙන් ඇය කියනවා.

“මට අවශ්‍ය වුනේ ඒ ඉත්තෝ සෙල්ලම් බඩු විදියට පාවිච්චි කරන්නයි. නමුත් මගේ පියා කීවා ඒවයින් මට චෙස් සෙල්ලම කරන්න පුළුවන් කියලා. මම චෙස් ක්‍රීඩා කරන්න පටන් ගත්තේ එතැනිනුයි” බෝධනා සිවනන්දන් වැඩිදුරටත් සඳහන් කරනවා.

80e44e70 7853 11f0 8d1f b10c011c40aa.jpg

2024 වසරේදී බෝධනාව හංගේරියාවේ පැවති චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය වෙනුවෙන් එංගලන්ත කාන්තා කණ්ඩායමට තෝරා ගනු ලැබූ අවස්ථාවේදී ඇයව සලකනු ලැබුවේ ඕනෑම ක්‍රීඩාවකදී එංගලන්තය ජාත්‍යන්තර වශයෙන් නියෝජනය කරන වයසින් අඩුම පුද්ගලයා ලෙසිනුයි.



Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්