දිවයිනේ පාසල්, ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් හා පළාත් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටල බෙදාදීමේ
දීප ව්‍යාප්ත වැඩසටහන ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ක්‍රීඩා අමාත්‍යංශයේදී ආරම්භ වුනා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික ගමන් මඟ වැඩසටහනේ’ (National Pathway Program of Sri Lanka Cricket) අරමුණ වී තිබෙන්නේ සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීම. මේ යටතේ කණිෂ්ඨ පාසල් 690ක් සඳහා කණිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690ක්, ක්‍රිකට් සපත්තු කට්ටල 9995ක්, පන්දු විසිකිරීමේ උපකරණ (Throwing Arms) 970ක් සහ දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් වෙනුවෙන් ක්‍රිකට් පුහුණු කිරීමේ උපකරණ කට්ටල 97ක් සහ ක්‍රිකට් පන්දු 2760ක් බෙදාදීම සිදුකෙරුනා.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ද සහයෝගය ඇතිව, දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් මුල්කර ගනිමින් සිදුකළ මෙම වැඩසටහනේ ඇති සුවිශේෂීතාව වූයේ කොළඹ ක්‍රියාත්මක වන මේ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක 25දී ම අද එකම වෙලාවට මෙම උපකරණ බෙදා දීම.
දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් විසින් තෝරා ගනු ලැබූ පාසල් සඳහා අදාළ උපකරණ බෙදාදීම සිදුවූයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ද සහයෝගය ඇතිවයි. මීට අමතරව පළමු වතාවට වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන සහ දිස්ත්‍රික් සංචිතවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ද ක්‍රිකට් ක්‍රීඩාවේදී භාවිතා කරන පාවහන් යුගල බෙදාදීම ද මෙම වැඩසටහනේ විශේෂත්වයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ සංකල්පයකට අනුව සූදානම් කර තිබූ උපකරණ බෙදාදීමේ වැඩසටහන යටතේ පාසල්වල ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිහිටුවා තිබෙන, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් සංචිතවල සිටින අවුරුදු 13, 15, 17 සහ 19න් පහළ සහ අවුරුදු 19න් පහළ බාලිකා යන වයස් කාණ්ඩ යටතේ පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ද ක්‍රීඩා සපත්තු කට්ටල පිරිනැමුනා.
‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ගමන් මඟ වැඩසටහන’ මගින් ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ක්‍රිකට් උපකරණ සහ යටිතල පහසුකම් සැපයීමේ ස්ථාවර වාර්ෂික මෙහෙයුම ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසරින් වසර පාසල් දහසකට ආසන්න ප්‍රමාණයකට සහාය ලබා දෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී








