leader s

ප්‍රධාන පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටරෝන් භාවිතා කර පදක්කම් දිනා ගත් යුක්රේනයේ ක්‍රීඩිකාවකට සිව් වසරක තරග තහනමක් පනවා තිබෙනවා.

මේ තරග තහනමට ලක්ව සිටින්නේ මරීනා බේහ්-රොමාන්චුක් (Maryna Bekh-Romanchuk) නමැති දුර පැනීම හා තුන්පිම්ම යන ඉසව් දෙකේම ලෝක රිදී පදක්කම්ලාභිනිය.

 

567568678678

තහනම් කර තිබෙන ශරීර උත්තේජනයක් (Testosterone) භාවිතා කිරීමේ වරදට මේ ක්‍රීඩිකාවට 2025 මැයි 13 සිට බලපැවැත්වෙන පරිදි වසර හතරක තරග තහනමක් පැනවූ බව මත්ද්‍රව්‍ය විරෝධී ආයතනය වන මලල ක්‍රීඩා අවංකත්වයේ අංශය - Athletics Integrity Unit (AIU) නිවේදනය කළා.

30 හැවිරිදි බේහ්-රොමාන්චුක් ටෙස්ටොස්ටරෝන් භාවිතා කළ බවට පරීක්ෂණවලින් තහවුරු වුනේ පසුගිය වසරේ දෙසැම්බර් 7 වැනිදා බව AIU ප්‍රකාශ කරනවා. මැයි මාසයේදී ඇයට තාවකාලික තහනමක් පැනවුනා.

 

මරීනා බේහ්-රොමාන්චුක් 2019 වසරේ ලෝක ශූරතාවලියේ දුර පැනීමේ ඉසව්වෙන් හා 2023 ලෝක ශූරතාවලියේ තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගත්තා. පසුගිය වසරේ පැරිසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තුන්පිම්ම ඉසව්වෙන් ඇයට අත්වූයේ 11 වැනි ස්ථානය.


2019 පරාජයෙන් පළිගැනීමට එංගලන්තය මාන බලයි(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්