leader s

ආජන්ටිනාවේ පැවති පාපන්දු තරගයක් අතරතුර ක්‍රීඩා මණ්ඩපයේ හටගත් ප්‍රචණ්ඩත්වයෙන් පසුව ක්‍රීඩා ලෝලීන් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙක් තුවාල ලැබූ අතර මින් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා.


ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුවූයේ ආජන්ටිනාවේ Independiente සහ චිලී රටේ Universidad de Chile කණ්ඩායම් අතර පැවති  Copa Sudamericanna කුසලාන තරගයේ.

ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාරවලින් බේරීම පිණිස ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙක් ක්‍රීඩා මණ්ඩපයේ උඩ තට්ටුවේ සිට පහළට පනින හෝ වැටෙන අයුරු ඡායාරූපවලින් පෙන්නුම් කෙරෙන අතර දණ්ඩකින් හිසට පහර දීමෙන් පසුව ක්‍රීඩා ලෝලියෙකු බිම ඇද වැටෙන සැටි දක්නට ලැබෙනවා. යට ඇඳුමින් සිටි ක්‍රීඩා ලෝලීන් කිහිප දෙනෙකු ද ඇතුළුව තවත් ක්‍රීඩා ලෝලීන් කිහිප දෙනෙක් ලෙයින් නැහැවී සිටි අතර ඔවුන් පහර දෙන්නන් මඟ හැරීමට උත්සාහ කරන අයුරු දිස්වුනා.

qtjy7

 

ආජන්ටිනාවේ බුවනොස් අයිරස් අගනුවර පිහිටි පළාතේ Avellaneda නගරයේ Libertadores de America ක්‍රීඩාංගණයේ බදාදා රාත්‍රියේ පැවති මේ තරගය ප්‍රචණ්ඩකාරී සිද්ධීන් හේතුවෙන් අහෝසි කෙරුනා.

ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලයේ සිටි Universal de Chille ක්‍රීඩා ලෝලීන් පුටු ගලවමින් මොට්ට ද්‍රව්‍යය පහළ මාලයේ සිටි සත්කාරක Independiente ක්‍රීඩා ලෝලීන් වෙත විසිකිරීමෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ආරම්භ වූ බව පොලිසිය පවසනවා. සිද්ධියේදී පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් පවා ප්‍රහාරයන්ට ලක්ව තිබෙනවා.

 

hjt7

වඩාත් ලොකු හානියක් සිදුවීම වැළැක්වීමේ අරමුණින් පොලිසිය තත්ත්වය පාලනය කිරීමට මැදිහත් නොවී ආගන්තුක කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ගේ හැසිරීම නවත්වන ලෙසට ඔවුන්ට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අනතුරු අඟවා සිටියත් ක්‍රීඩා ලෝලීන් දිගටම නොයෙකුත් ද්‍රව්‍යය විසි කරන්නට වූ බැවින් විවේක කාලය එළඹෙන විට ගෝල් 1-1ක්ව තිබූ තරගය අහෝසි කෙරුනා.

Universidad ක්‍රීඩා ලෝලීන් ක්‍රිඩා මණ්ඩපයෙන් පිටව යාම ආරම්භ කරද්දීම, වැස්මකින් හිස වසාගෙන සිටි Independiente ක්‍රීඩා ලෝලීන් දොරවල් කඩාගෙන චිලී ක්‍රීඩා ලෝලීන්ගේ කොටසට ඇතුළු වී මුගුරු හා යකඩ පොලුවලින් ඔවුන්ට පහර දුන්නා.

 

igu9
“ආක්‍රමික දණ්ඩනය මොනම අයුරකින් හෝ සාධාරණීකරණය කරන්න බැහැ” යනුවෙන් චිලී ජනාධිපති Gabriel Boric ප්‍රකාශ කළා.

චිලී කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් 125 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් එයින් 101 දෙනෙක් සිරභාරයේ රඳවා ගෙන සිටින බවත් චිලී විදේශ කටයතු අමාත්‍යංශය පවසනවා.

ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳි චිලී වැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිණිස වහාම ආජන්ටිනාව ට යන ලෙසට චිලී ජනාධිපතිවරයා අභ්‍යන්තර කටයුතු ඇමතිවරයාට උපදෙස් දී තිබෙනවා.

 

nht78y78y7

මෙය දකුණු අමෙරිකානු පාපන්දු තරගාවලියන්හි ඇසෙන අලුත්ම ප්‍රචණ්ඩාකාරී සිදුවීමයි. පසුගිය අප්‍රේල් මාසයේ, බ්‍රසීලයේ Fortaleza කණ්ඩායමට එරෙහිව පැවති Copa Libertadores තරගාවලියේ පළමු වටයේ තරගය අතරතුර ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙක් මිය යාමෙන් පසුව චිලීයේ Cola Cola කණ්ඩායමේ තරගාවලි ලකුණු අඩුකර මූල්‍යමය දඩයක් ද ඔවුන්ට නියම කෙරුනා.

මෑත සතිවලදී, ආජන්ටිනා ක්‍රීඩා ලෝලීන් හා පොලිසිය අතර ගැටුම් බ්‍රසීලය හා උරුගුවේ ක්‍රීඩාංගණවලින් වාර්තා වී තිබෙනවා.

2019 පරාජයෙන් පළිගැනීමට එංගලන්තය මාන බලයි(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්