leader s

පන්දු යවන්නන් එක්ව බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කිරීමෙන් පසුව බංග්ලාදේශ පන්දු යවන්නන් සෙල්ලමකට ගත් පැතුම් නිස්සංක (50) සහ කමිල් මිෂාර (නොදැවී 46) දෙදෙනා අබුඩාබි නුවරදී ඊයේ (13 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගයේදී කඩුලු 6 ක විශිෂ්ට ජයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ.


ලකුණු 140 ක පහසු ඉලක්කයක් කරා යාමේදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කින් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ පැතුම් සහ කමිල් මිෂාර දෙදෙනා හරාරේ නුවරදී නතර කළ ලකුණු දඩයම අබුඩාබියේදී යළිත් ආරම්භ කළහ.

ඕවර 5.2 ක් ඉතිරිව තිබියදී ඉලක්කය කරා අවතීරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම  2.595 ක ශුද්ධ ලකුණු වේගයක් ද අත්පත් කරගත්තේය.

ඊයේ දිනයේදී ලබාගත් තම 16 වැනි අර්ධ ශතකයත් සමගින් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විස්සයි-20 ආකෘතියේදී ලකුණු 2000 කඩඉම පසුකර ගියේය. ශ්‍රී ලාංකිකයන් අතුරින් නිස්සංක හැරුණු විට, විස්සයි-20 ආකෘතියේදී අන්තර්ජාතික ලකුණු 2000 පසුකර ඇත්තේ කුසල් මෙන්ඩිස් (2079) සහ කුසල් ජනිත් පෙරේරා (2139) ය.

image f38a451b25

 

පසුගිය වසර හය හතක කාලයේදී ආසියානු කුසලාන තරගාවලි සැලසුම් කෙරුණේ ඉන්දියාව සහ පාකිස්තානය එක කාණ්ඩයකටත් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අනෙක් කාණ්ඩයටත් ඇතුළත් වන පරිදිය.

ඉන්දියාව සහ පාකිස්තානය නැවත නැවත මුණගැස්වීමත්, අවසන් පූර්ව වටයේදී මෙම රටවල් දෙක දෙපසට දමා, හැකිනම් අවසන් මහ තරගයේදී නැවතත් මුණගැස්වීමත් තරග සංවිධායකයන්ගේ අරමුණ විය.

ඉන්දු - පාකිස්තානු තරගය වෙනුවෙන් පවතින අති විශාල ප්‍රේක්‍ෂක උන්මාදය හේතුවෙන්, වාණිජ අරමුණු මුල් කරගනිමින් එවැනි උපක්‍රමයක් සංවිධායකයන් විසින් අනුගමනය කරන නමුත් එය ආසියාවේ සෙසු කණ්ඩායම් සම්බන්ධයෙන් කරනු ලබන බලවත් අසාධාරණයක් බව අන්තර්ජාතික ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.

නුවන් තුෂාර (17/1) සහ දුෂ්මන්ත චමීර (17/1) දෙදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් අලංකාර ආරම්භයක් ලබාගත්හ.

මාස දෙකකට පසුව නැවතත් කණ්ඩායමට එක්වූ වනිඳු හසරංග සිය දෙවැනි පන්දුවේදීම කඩුල්ලක් දවාගනිමින් වැඩ ඇල්ලුවේය. එහෙත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කින් ලකුණු 86 ක් එක්කළ ශමීම් හොසේන් සහ ජේකර් අලී දෙදෙනා එක්ව සටනක් දිය හැකි ලකුණු 139 ක් කරා බංග්ලාදේශය තල්ලු කරගෙන ගියහ. එහෙත් පැතුම් නිස්සංක සහ කමිල් මිෂාර හමුවේ එය දියාරු වී ගිය සටනක් විය.

 

image 444175129b
අබුඩාබිහි ශෙයික් සහීඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ  (13 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කැමැත්ත වූයේ පළමුවෙන් පන්දු යැවීමයි. එහෙත් ඒ තණතීරුවෙන් පන්දු යවන්නන්ට වාසි තිබූ නිසා නොව, රාත්‍රිය දිගු වීමත් සමගින් ඇතිවන පින්න හේතුවෙන් පන්දු රකින්නන්ට පන්දුව අල්ලා ගැනීම අසීරු වන බැවිනි.

නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංගගෙන් නායකයාට ලැබුණේ කදිම සහයෝගයකි. චරිත් අසලංකගෙන් උඩපන්දුවක් ගිළිහී ගියද, ඊළඟ පන්දුවේදී කමිල් මිෂාරගේ විශිෂ්ට පන්දු විසිකිරීමක් නිසා තව්හීද් රිදෝයි දැවී ගියෙන් අසලංකගෙන් ගිළිහී ගිය උඩපන්දුවෙන් අවාසියක් සිදු නොවිණ. ඉනිමේ 14 වැනි ඕවරය වන තුරුත් ලකුණු වේගය පැවැතියේ 6.00 ට පහළිනි. එහෙත් ශමීම් හොසේන් සහ ජේකර් අලී එක්ව තත්ත්වය වෙනස් කළහ.

ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව, බංග්ලාදේශ කණ්ඩායමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත සම්බන්ධතාවක් විය. පිටියේ ඈත කෙළවර සිට කමිඳු මෙන්ඩිස් එවූ පන්දුවක් කුසල් මෙන්ඩිස් සිය හිතේ මිම්ම අනුව දෙපා අතරින් කඩුල්ලට යොමු කළේය. එහෙත් ඇදහිය නොහැකි ආකාරයෙන් තම සීමාව වෙත පියාඹා ගිය ශමීම් හොසේන් සිය කඩුල්ල රැකගත්තේය.

මෙම පිතිකරුවන් දෙදෙනා විසින් අවසන් ඕවර 6 දී එක්කාසු කරගත් ලකුණු සංඛ්‍යාව 55 කි. අවසන් ඕවරයට පෙර ඕවරයේදී වයිඩ් පන්දු 3 ක් (ලකුණු 4 ක්) යැවූ මතීෂ පතිරණගෙන් ලකුණු 18 ක් උදුරාගත් ශමීම් හොසේන් සහ ජේකර් අලී දෙදෙනා අවසන් ඕවරයේදී දුෂ්මන්ත චමීරගෙන් තවත් ලකුණු 8 ක් උදුරා ගත්හ.



ලකුණු පුවරුව

image a8457775a8image 583c966aae
| kelimandala


whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්