leader s

2025 කාන්තා රග්බි ලෝක කුසලාන තරගයකදී ප්‍රංශයේ ඇක්සෙල් බතෝමියු (Axelle Berthoumieu) ක්‍රීඩිකාව අයර්ලන්තයේ ඊවා වේෆර්ගේ (Aoife Wafer) අත හපා කෑවා. මේ වරදට බතෝමියු ට තරග 12ක තහනමක් පනවා තිබෙනවා.

එංගලන්තයේ එක්සටර් ක්‍රීඩාංගණයේ පැවති අයර්ලන්තය ට එරෙහිව ප්‍රංශය ලකුණු 18-13ක ජයග්‍රහණයක් වාර්තා කළ අර්ධ අවසන් පූර්ව තරගය අතරතුර බතෝමියු, වේෆර්ගේ අත සපාකන අයුරු රූපවාහිනියෙන් දිස්වනවා.

තරගය පැවැත්වෙද්දී 25 හැවිරිදි බතෝමියු ට එරෙහිව කිසිම විනයානුකූල පියවරක් නොගත්ත ද, තරග විනිසුරු සමග තමා මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බව අයර්ලන්ත නායිකා සෑම් මොනාගන් කියා සිටියා.

 



තරග 18ක උපරිම තහනමට වඩා අඩු තරග 12ක තහනමක් ස්වාධීන නීතිවිරොධී නිරීක්ෂණ කමිටුවක් විසින් බතෝමියු ට පනවා ඇතැයි රග්බි ක්‍රීඩාවේ ගෝලීය පාලකයන් වන ලෝක රග්බි ආයතනය ප්‍රකාශ කරනවා. මේ අනුව ඇයට දැන් පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ වරම් අහිමි වනවා.

තමා රතු කාඩ්පතක් ලැබෙන තරමේ වරදක් සිදුකළ බව පිළිගන්නා බව පවසන බතෝමියු එහෙත් එම දඬුවමේ තිබෙන දීර්ඝ කාලයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරනවා.

is biterඇක්සෙල් බතෝමියු

මේ තරග 12ක තහනම ක්‍රියාත්මක වුවහොත් බතෝමියු ට ළඟ එන එංගලන්තය ට එරෙහි අවසන් පූර්ව තරගය සහ ලෝකඩ පදක්කම සඳහා වන තරගය හෝ අවසාන තරගයට ක්‍රීඩා කිරීම මෙන්ම ඇයගේ දේශීය ශූරතාවලියේ තවත් තරග 10කට සහභාගි වීමට නොහැකි වනවා. බතෝමියු ට නැවත තරග බිමට පිවිසිය හැකි වන්නේ 2026 වසරේ මාර්තු 1 වැනිදායන් පසුව පමණයි.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්