leader s

ගිනි කෙළි සංදර්ශනයක් වැනි පැතුම් නිස්සංකගේ ශතකය හා සුපර් ඕවරයකින්න පසුව නොනැසී සිටීමට ඉන්දියාව ඊයේ සමත් වුනේ ආසියානු කුසලාන තරගාවලියේ ඔවුන්ගේ අපරාජිත තත්ත්වය තවදුරටත් රැක ගනිමින්.


ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවෙමින් හෙට පාකිස්තානය ට එරෙහිව අවසාන තරගයට ඉන්දියාව කලින්ම සුදුසුකම් ලබා සිටීමේ පසුබිමක ඊයේ රාත්‍රියේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ‘සුපිරි හතර’ වටයේ තරගය ක්‍රිකට් වාර්තා පොතට පමණක් වැදගත්ව තිබුන ද, එම තරගය මේ තරගාවලියේ මෙතෙක් දක්නට ලැබුනු වඩාත්ම තියුණු සටන බවට පත්වුනා.

ශ්‍රී ලංකාව ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් තරගය ‘සුපර් ඕවරයක්’ දක්වා රැගෙන ගියේ ඉන්දියාව වාර්තා කළ 202-5 මුළු ලකුණු සංඛ්‍යාව සම කරමින්. මෙහිදී නිස්සංක මේ තරගාවලියේ ප්‍රථම ශතකය (ලකුණු 107) සටහන් කිරීමට සමත් වුනා.

pathum nissa
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ට තීරණාත්මක සුපරි ඕවරයේදී ලබා ගත හැකිවුනේ ලකුණු දෙකක් පමණයි. එම ක්‍රීඩාවේදී ආශ්ඩීප් සිංගේ පන්දු පහකින් ශ්‍රී ලංකාව ට කඩුලු දෙකක් ම අහිමි වුනා. ඉන්පසුව වනිඳු හසරංගගේ පළමු පන්දුවෙන් ම ඉන්දියා නායක සූර්යකුමාර් යාදව් ලකුණු තුනක් ලබා ගෙන තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

ඊට පෙර, ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට කැඳවනු ලැබූ විස්සයි20 ලෝක ශූර ඉන්දියාව ‌මෙවර තරගාවලියේ 200 ට වැඩි පළමු මුළු ලකුණු ප්‍රමාණය සටහන් කළේ ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා මේ තරගාවලියේ පිට පිට ලබා ගත් තෙවැනි අර්ධ ශතකය මත ඉදිරියට යමින්.

ලොව ඉහළින්ම ශ්‍රේණිගතව සිටින විස්සයි20 පිතිකරුවා වන අභිෂේක් ඔහුගේ අතිදක්ෂ පිතිකරණය තවදුරටත් ප්‍රදර්ශනය කළේ පන්දු 31කින් ලකුණු 61ක් ලබා ගනිමින්.

ඔහුගේ අනෙක් ආරම්භක පිතිකරණ සගයා වන ෂුබ්මන් ගිල් ලකුණු 4කට දැවී යාමෙන් පසුව සූර්යකුමාර් ද ලකුණු 12ක් ලබා ගෙන ආපසු ක්‍රීඩාගාරයට ගිය ද, ඉන්දියාව ට එයින් පාඩුවක් සිදු නොවුනේ අභිෂේක් පන්දු 22ක වේගයෙන් අර්ධ ශතකය කරා ගිය බැවින්.

 

4J55XUSYZRLCLOFF6OX2TMOMNA

ශ්‍රී ලංකා නායක චරිත් අසලංක,  අභිෂේක්ව දවාලූව ද නොදැවී ලකුණු 49ක් රැස් කළ ටිලක් වර්මා සහ ලකුණු 39ක් ලබා ගත් සන්ජු සැම්සන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එල්ල කර තිබූ පීඩනය දිගටම පවත්වා ගෙන ගියා.

ඉලක්කය හඹා යාමේදී, ශ්‍රී ලංකාව ට පළමු ඕවරයේදී ම කුසල් මෙන්ඩිස්ව බින්දුවකට අහිමි වුනත් ‘පවර් ප්ලේ’ ඕවර හයෙන් පසුව කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 72ක් රැස් කිරීමට සමත්ව සිටියා.

ඉන්දියාව ඔවුන්ගේ ප්‍රබලතම වේග පන්දු අවිය වන ජස්ප්‍රිට් බුම්රා මේ තරගය වෙනුවෙන් විශ්‍රාම ගන්වා තිබුනු අතර හාඩික් පාන්ඩියා යැවුවේ එක ඕවරයක් පමණයි.

 

VVDUZ6FN4ZIAVGM4B2KPGY7OMI

නිස්සංක ට අර්ධ ශතකය වාර්තා කිරීමට අවශ්‍ය වුනේ පන්දු 25 යි. කුසල් පෙරේරාගේ (58) අර්ධ ශතකය වළක්වා ගැනීමට ද ඉන්දියාව ට හැකිවුනේ නැහැ.
දඟ පන්දු යවන වරුන් චක්‍රවර්ති ලකුණු 127ක සබඳතාව බිඳ දැමුවේ පෙරේරා දවාලමින්.

නිස්සංක පන්දු 52ක ශතකයක් කරා වේගවත් පිතිහරඹයක නිරත වූව ද, අවසාන ඕවරයේ පළමු පන්දුවෙන් දැවී ගියා. ඔහු ‘තරගයේ වීරයා’ ලෙස නම් කෙරුණු අතර ශ්‍රී ලංකා ඉනිම 202-5කින් අවසන් වුනා.

මේ තරගය අවසන් පූර්ව සටනක් ලෙස සලකා ක්‍රීඩා කරන ලෙසට තමාගේ ක්‍රීඩයකයන්ට කී බව සූර්යකුමාර් කියා සිටියා.

“මේ තරගය දැනුනේ අවසාන තරගයක් ලෙසයි. දෙවැනි ඉනිමේ පළමු භාගයෙන් පසුව ක්‍රීඩකයින් ප්‍රබෝධමත් ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කළා. මෙය අවසන් පූර්ව තරගයක් ලෙස සලකා ක්‍රීඩා කරන ලෙසට මම ඔවුන්ට කියා තිබුණා. ජයග්‍රාහී පැත්තේ ඉන්න ලැබීම ගැන සතුටුයි” ඉන්දියා නායකයා තරගයෙන් පසුව ප්‍රකාශ කළා.

තරගයේ සිදුවීම් අධ්‍යයනය කිරීමෙන් පසුව ඉරිදා (හෙට) පාකිස්තානය සමග පැවැත්වෙන අවසාන මහා තරගය පිළිබඳව ඉන්දියාව සිතන බව නායකයා පැවසුවා.

“අපි පළමුව මහන්සිය නිවාගෙන ඉමු. මේ මොහොතේ අපි අවසන් තරගය ගැන කල්පනා කරන්නේ නැහැ. අද තරගයේදී ක්‍රීඩකයන් කිහිප දෙනෙක් කෙණ්ඩා පෙරළීම් බොහොමයකට ලක්වුනා. හෙට හොඳ විවේකයක් ලබා ගෙන අද ක්‍රීඩා කරපු විදියටම අවසාන තරගයටත් අපි එනවා!” යනුවෙන් ඔහු සඳහන් කළා.

 

charith asalanka

ශ්‍රී ලංකා නායක අසලංක තරගයෙන් පසුව කතා කරමින්, නිස්සංක හා පෙරේරාගේ ප්‍රවේගකාරී පිතිහරඹයන් වර්ණනා  කළා.

“එය ඉතාමත් තියුණු තරගයක්. අපි තරගයට හොඳින් අවතීර්ණ වෙලා හිටියා කියලා මම හිතනවා. නමුත් වරුන් හා කුල්ඩීප් ඇත්තටම කදිම ඕවර කිහිපයක් දැමුවා. නිස්සංක හා පෙරේරාගේ පිතිහරඹ අදහා ගන්න බැහැ” අසලංක ප්‍රකාශ කළා.


warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

logo cricket

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්