leader s

රටවල් 8ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති පළමු තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට (DLS) අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 59කින් ජය ගත්තේය.


තරගය පැවත්වුණේ, ඉන්දියාවේ ගුවාතිහිදී ය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළාය.

තරගය ආරම්භයට පෙර දෙරටේ ජාතික ගීය ගැයූ අවස්ථාව ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත්තේය.

ගායන ශිල්පිනී නුවන්ධිකා සේනාරත්න ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කළ අතර, ශ්‍රියා ඝෝෂාල් ඉන්දීය ජාතික ගීය ගායනා කළාය.


තරගය ආරම්භයට පෙර දෙරටේ ජාතික ගීය ගැයූ අවස්ථාව ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත්තේය
අවස්ථා දෙකකදී වර්ෂාවෙන් බාධා

rainඅවස්ථා දෙකකදී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා විය

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ඉනිම අතරතුර අවස්ථා දෙකකදී වර්ෂාවෙන් බාධා එල්ල විය.

එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා වූයේ ඉන් අනතුරුවයි.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පැමිණි ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 8ක් ලබාසිටි ස්මිත්‍රි මන්දනාව දවාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණි.

හාර්ලීන් ඩියෝල් ලකුණු 48කට සහ නායිකා හර්මන්ප්‍රීත් කෞර්ගේ ඉනිම ලකුණු 21කට සීමාකරන්නට ඉනෝකා රණවීර සමත් වුණි.

විටක ඉන්දිය කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 120ක් තුල දැවී ගියත් 7වැනි කඩුල්ලට ලකුණු 107ක විශිෂ්ට සබඳතාවක් ගොඩ නගන්නට දීප්ති ශර්මා සහ අමන්ජොත් කෞර් සමත් වුණි.

inoka ඉන්දීය කණ්ඩායමේ මුල් පෙල කඩුලු 6 ලකුණු 124කදී දවා ගැනීමට ඉනෝකා රණවීර ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ප්‍රාතිකා රාවල් ලකුණු 37ක් රැස් කළ අතර හර්ලීන් ඩියෝල් ලකුණු 48ක් රැස් කළාය.

දීප්ති ශර්මා සමග එක් වූ අමන්ජෝට් කෞර් ඉන්දීය 7 වැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් ගොඩනැගූහ.


අමන්ජෝට් කෞර් ලකුණු 57 ක් රැස් කළ අතර ඊට 4 පහර 5ක් සහ 6 පහරක් ඇතුළත් විය.

දීප්ති ශර්මා ලකුණු 53ක් රැස් කළාය.

ඉනෝකා රණවීර ලකුණු 46ට කඩුලු 4ක් සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 2ක් දවා ගත්හ.

ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 47 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 269ක් රැස් කළේය.


deepthi sharmaදීප්ති ශර්මා සමග එක් වූ අමන්ජෝට් කෞර් ඉන්දීය 7 වැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් ගොඩනැගූහ

ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 47කදී හිමි වූ ඉලක්කය ලකුණු 271කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස හසිනි පෙරේරා ලකුණු 30කට දැවී ගියාය.

නායක චමරි අතපත්තු 4 පහර 4ක් සහ 6 පහර 3ක් සමගින් ලකුණු 43ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.


හර්ෂිතා සමරවික්‍රම ලකුණු 29ක් රැස් කළාය.

විශ්මි ගුණරත්න ලකුණු 11කට දැවී ගියාය.

ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 4 ලකුණු 105කදී බිද වැටුණි.

නිලක්ෂිකා ද සිල්වා ලකුණු 35ක් රැස් කළාය.

ඒ 4 පහර 4ක් සහ 6 පහරක්ද සමගිනි.

දීප්ති ශර්මා ලකුණු 54ට කඩුලු 3ක් දවා ගත්තාය.

ස්නේ රානා සහ ශ්‍රී චරනි කඩුලු 2 බැගින් දවා ගත්හ.

පන්දුවාර 45යි පන්දු 4කදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 211ක් පමණි.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය (ඔක්තෝබර් 4 වැනිදා) ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල)
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්