leader s

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ ගුවහාටි හි පැවති තරගයෙන් ‌ෙඑතිහාසික ආරම්භයක් ලබා ගත්තේ ඕනෑම කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක ආරම්භක දිනයට පැමිණි වැඩිම නරඹන්නන් පිරිසගේ නව වාර්තාවක් පිහිටුවමින්.


ACA ක්‍රීඩාංගණයට ඊයේ රොක්වූ ක්‍රිකට් ලෝලීන්ගේ සංඛ්‍යාව 22,843ක් වූ අතර මෙය ඕනෑම කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක මූලික වටයේ තරගයක් නැරඹීමේ වැඩිම පැමිණීම ලෙස ද සටහන් වුනා.

මීට පෙර තිබූ වාර්තාව වුනේ 15,935ක්. එය සිදුවුනේ 2024 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති ‘ඒ’ කොටසේ තරගයේ.

 

cricket

ක්‍රීඩා ලෝලීන්ට සමීප විය හැකි වීම අතින් ද අලුත් සලකුණක් තබා ඇති මෙවර තරගාවලිය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාගත ත්‍යාග මුදලක් පිරිනැමෙන ඉසව්ව ලෙස දැනටමත් වාර්තා පොතට ඇතුළත්ව තිබෙනවා.

දැන් පැවැත්වෙන්නේ 13 වැනි කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය. මෙහිදී ලොව දක්ෂතම කණ්ඩායම් අට ලෝක කාන්තා ක්‍රිකට් ඔටුන්න හිමිකර ගැනීම පිණිස සටන් වදිනවා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්