leader s

ඉන්දියා නව යොවුන් පිතිකරු වයිභාව් සූර්යවන්ශි ශතක ලබා ගැනීම හා වාර්තා බිඳ දැමීමෙන් තවමත් සෑහීමකට පත්ව නැහැ.


මේ 14 හැවිරිදි ඉන්දියානු පිතිකරුවා අද (බදාදා) ඔහුගේ විස්මිත පිතිකරණයට තවත් විශේෂ සලකුණක් තබමින් බ්‍රිස්බන් නුවර ඉයන් හීලි ක්‍රීඩාංගණයේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී වාර්තාගත පන්දු 78ක ශතකයක් වාර්තා කළා.

ඉනිම ආරම්භ කරමින්, සූර්යවන්ශි ඉන්දියාවේ ශක්තිමත් ප්‍රතිචාරය මෙහෙයවූයේ ආරම්භක දිනයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 243කට දැවී යාමෙන් පසුව. සූර්යවන්ශි පන්දු 86කින් ලකුණු 113ක් ලබා ගත් අතර ඔහුගේ මේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ඇතුළත්ව තිබුනා.

 

සූර්වන්ශි ශතකයට පිවිසියේ පිට පිට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් වීම විශේෂත්වයක්. ඔහුගේ පන්දු 78ක ශතකය යොවුන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ දෙවැනියට වේගවත්ම ශතකය යි. එය දෙවැනි වන්නේ ඔහුගේ නායකයා වන අයුෂ් මහත්රී ‌ට පමණයි. ජූලි මාසයේ එංගලන්තය අවුරුදු 19න් පහළ කණඩායමට එරෙහිව ශතකය සම්පූර්ණ කිරීම පිණිස මහත්රී මුහුණ දුන්නේ පන්දු 64කට පමණයි.

කැන්ගරු භූමියේ වේගවත්ම යොවුන් ශතකය

36 hbnj

සූර්යවන්ශිගේ ශතකය ඔස්ට්‍රේලියානු පොළොවේ පැවති යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකයයි. මීට පෙර වාර්තාව උසුලමින් සිටියේ ඔස්ට්‍රේලියාවේ ලියාම් බ්ලැක්ෆෝඩ්. ඔහු 2023 ජනවාරියේ පැවති අවුරුදු 19න් පහළ යොවුන් ටෙස්ට් තරගයකදී එංගලන්තය ට එරෙහිව ශතකයක් ලබා ගෙන තිබුනේ පන්දු 124කින්.

අවුරුදු 14යි දින 188ක් වයසැතිව සිටින සූර්යවන්ශි ඔස්ට්‍රේලියාවේදී යොවුන් ටෙස්ට් තරගයක ශතකයක් ලබා ගත් එදා මෙදා තුර ළාබාලතම පිතිකරුවා ද වනවා.

මේ වසරේ ජූලි මාසයේදී සූර්යවන්ශි වයස අවුරුදු 15 වීමට පෙර යොවුන් ටෙස්ට් තරගයක අර්ධ ශතකයක් ලබා ගැනීමට අමතරව කඩුල්ලක් ද බිඳ හෙලූ පළමුවැන්නා බවට පත්වුනා. ඔහු එංගලන්තයේදී මේ වික්‍රමය පෑවේ වයස අවුරුදු 15යි දවස් 167දී මේ දස්කම සටහන් කරමින් බංග්ලාදේශයේ මෙහිඩි හසස් මිරාස් පිහිටුවා තිබූ වාර්තාව මකා දමමින්.

 

vibhav yu
නවසිලන්තයේ මැකලම්ගේ වාර්තාව සම කරයි

සූර්යවන්ශි නවසිලන්තයේ පුරාවෘත්ත පිතිකරුවකු වන බ්‍රෙන්ඩන් මැකලම්ගේ වාර්තාවක් ද සම කළේ අවුරුදු 19න් පහළ ටෙස්ට් තරගවල පන්දු 100කට අඩුවෙන් ශතක දෙකක් ලබා ගනිමින්.

මේ වසර මුලදී සූර්යවන්ශි අයි.පී.එල්. තරගයක ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ගෝලීය අවධානයට ලක්වුනා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්