leader s

ශ්‍රී ලාංකික පාපන්දු ලෝලීන් මහත් ආශාවෙන් බලා සිටි චැම්පියන්ස් ලීග් තරගාවලිය තෙවසරකට පසුව නැවත පැවැත්වෙනවා.

ඒ අනුව 2025/26 තරගාවලිය නොවැම්බර් 7 වැනි දින කොළඹ තුරඟ තරග පිටියෙන් ආරම්භ වනවා.

දිවයිනේ ප්‍රධාන පෙලේ පාපන්දු කණ්ඩායම් 14ක් සහභාගි වන චැම්පියන්ස් ලීග් තරගාවලියේ කණ්ඩායම් කොටස් දෙකකට බෙදීමේ කුසපත් ඇදීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස පාපන්දු නිවහනේදී සිදු කෙරුනා.

කණ්ඩායම් 7 බැගින් වන මේ කොටස් දෙකෙන් ඉහළටම පිවිසෙන කණ්ඩායම් 8 ‘සුපර් අට’ අදියරට සුදුසුකම් ලබනවා. ඉතිරි කණ්ඩායම් 6 පහතට හෙළීමේ වටයට පිවිසෙන අතර එහිදී අවසන් ස්ථානයට පත්වන කණ්ඩායම් දෙක ලීග් 1 ස්තරය දක්වා පහළට වැටෙනවා.

‘සුපර් අට’ අදියරේ ඉහළටම පැමිණෙන කණ්ඩායම් දෙක 2026 සුපර් ලීග් තරගාවලියට උසස් වීමක් ලබනවා.

තුරඟ තරග පිටියේ ආරම්භක තරග පැවැත්වෙන අතර සිටි ලීග් හා සුගතදාස ක්‍රීඩාංගණවල ද තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට සහභාගි වන සියලුම කණ්ඩායම්වලට මූල්‍යමය වශයෙන් ආධාර සහ පාපන්දු උපකරණ ලබා දෙන බව පාපන්දු සභාපතිවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.

දේශීය පාපන්දු තරගාවලියන් පැවැත්වීම ප්‍රමාද වූයේ මෑතකදී මුහුණ දීමට සිදුවූ නොයෙකුත් අභියෝග නිසා බවත් දැන් ඒ සියල්ල ජයගෙන දේශීය තරග ඉදිරියේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට සම්මේලනය ශක්තිමත්ව සිටින බවත් ජස්වර් උමාර්  වැඩිදුරටත් සඳහන් කළා.

kjorte

තරගාවලියට සහභාගි වන පාපන්දු ක්‍රීඩා සමාජ 14

‘ඒ’ කොටස - ජාවා ලේන්, සෝන්ඩර්ස්, නිව් ස්ටාර්, සෙරන්ඩිබ්, එස්.එල්.ටී.බී., නිගම්බෝ යූත්, ක්‍රිස්ටල් පැලස්

‘බී’ කොටස - මාතර සිටි, සොලිඩ්, මොරගස්මුල්ල, ශ්‍රී ලංකා පොලිසිය, සුපර් සන්, පෙලිකන්ස්, සාන්ත මරියා (යාපනය)


2021-22 වසරේ අවසන් වරට පැවති චැම්පියන්ස් ලීගයේ ජයග්‍රහකයින් වූයේ මාතර සිටි කණ්ඩායම. ජාවාලේන් අනුශූරයින් වුනා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්