leader s

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (02) පැවැති පිරිමි දුර පැනීම (T44/දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් විය.


අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දී ඇති ක්‍රීඩකයෙකු වන නුවන්, අවසන්වරට 2024 වසරේ ජපානයේ පැවති පැරා ලෝක ශූරතාවලියේ ද ලෝකඩ පදක්කමක් දිනා තිබේ.

T44 හා T64 යන ද්විත්ව කාණ්ඩ යටතේම තරග වදින නුවන්, 2022 වසරේ චීනයේ පැවති ආසියානු පැරා ශූරතාවලියේ මීටර 100 ඉසව්වෙන් රන් පදක්කමත්, දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කමත් දිනාගැනීමට සමත්ව ඇත.

තවද 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ශූරතාවලියේද රිදී පදක්කමක් දිනාගැනීමට ඔහු සමත්ව තිබේ.

(adaderana)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්