leader s

සෞදි අරාබියත් දැන් සැලකිලිමත් විය යුතු අයුරින් ක්‍රිකට් ක්‍රීඩාවට හදිස්සියෙන් කඩා වැදී සිටිනවා.


අනෙකුත් ක්‍රීඩාවන් මෙන් ක්‍රිකට් ක්‍රීඩාවත් අවුල් කිරීමට සෞදි රියාල් මුදලට තිබෙන හැකියාව පිළිබඳව මාස ගණනක් තිස්සේ තිබූ අනුමාන කිරීම්වලින් පසුව, ඉන්ධනවලින් පොහොසත් මේ රට දැන් කතාව පසෙක ලා ක්‍රියාවට බසිමින් ජාත්‍යන්තර ලීග් විස්සයි20 (ILT20 – International League T20) සමග සහයෝගීත්වයක් හරහා ඔවුන්ගේ අසල්වැසියන් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග අත්වැල් බැඳගෙන සිටිනවා.

මේ ලීගය සෞදි අරාබි ක්‍රිකට් සම්මේලනය (SACF) සමග උපායශීලී ගිවිසුමකට එළඹ සිටින්නේ ILT20 තරග සෞදි රාජධානියේ පැවැත්වීමට මං විවර කර ගනිමින්. පිරිමි තරගවලින් ඔබ්බට යන මේ හවුලට සෞදි භූමියේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දෙයක් වන කාන්තා තරග පැවැත්වීමේ සැලසුමක් ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

මේ හවුල්කාර සම්බන්ධය හරහා ILT20 තරගාවලිය SACF හා එහි වාණිජ අංශය වන ක්‍රිකට් ආයෝජන සමාගම (CIC – Cricket Investment Company) සමග කටයුතු කරනු ඇත්තේ සෞදි අරාබියේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම හා කුසලතාවන් වර්ධනය කිරීම පිණිස. මේ සම්බන්ධය දෙසැම්බර් 2 වැනිදා ඇරැඹෙන තරගාවලියෙන් ක්‍රියාත්මක වනවා.

 

uawen6i
‌මේ හවුල හරහා සෞදි අරාබි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද මේ තරගාවලියට කෙලින්ම සහභාගි වීමේ මඟ විවෘත වන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු එම ලීගය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.

ILT20 තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ සිවු වැනි වතාවට. එහි ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 1 වැනිදා සිදුකෙරුනා. එහිදී සෑම කණ්ඩායමක් ම අවම වශයෙන් සෞදි අරාබියෙන් එක් ක්‍රීඩකයෙකු බඳවා ගත යුතු බවට නීතියක් පනවා තිබුනා. ඉදිරි වසරවලදී, ලෝක ILT20 තරග ද සෞදි අරාබියේ ක්‍රීඩා කරනු ඇතැයි එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරනවා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්