කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම පිණිස දිවයිනට පැමිණ සිටින ඉන්දියා කණ්ඩායම ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ සන්ධ්‍යාවේ පුහුණුවීම්වල නිරතව සිටියදී මවිත කරනසුලු අමුත්තෙක් පැමිණියා. ඒ, ගැරඬියෙක්!
මේ බඩගා යන සත්වයාගේ දසුන මේ ක්‍රීඩාංගණය පිහිටි ස්ථානයට අසාමාන්‍ය දෙයක් නෙවෙයි.
මීට පෙර පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගවලදී මෙන්ම මේ වසරේ ජූලි මාසයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේදී ද ගැරඬියා දර්ශනය වුනා.
“ඌ විසකුරු සර්පයෙක් නෙවෙයි. ඌ හපන්නේ නැහැ. මේකා ගැරඬියෙක්. ඌ හොයන්නේ මීයන්වයි” ක්‍රීඩාංගණය භාර නිලධාරියෙක් පැවසුවා.

ගැරඬියා දැකීමෙන් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් හා සහායක මණ්ඩලයට පමණක් නොව ඒ අවස්ථාවේ එතැන සිටි මාධ්‍යවේදී කණ්ඩායමට පවා දැනුනේ බියක් නොව විනෝදයක්.
ඉන්දියාව හෙට පාකිස්තානය සමග මේ ක්‍රීඩාංගණයේදී තරග වදිනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







