leader s

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක ප්‍රථම වතාවට එංගලන්තය ට නායකත්වය දීමේදී නැට් ස්කයිව-බ්‍රන්ට්‌ගේ

කාර්ය බහුල ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමුව තිබුනා.

ඊට හේතුව වූයේ ‘අළු බඳුන’ තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ ඇය පිතිකරණ පෙලේ බර දරා ගන්නා අතරතුර නැවත පන්දු යැවීම ද කළ යුතුව තිබූ නිසා.

එහෙත් ඒ සැකයන් සියල්ල ඇය දුරු කළේ දකුණු අප්‍රිකාව ට එරෙහි ආරම්භක තරගයේ ඇගේ පළමු පන්දුවෙන් ම කඩුල්ලක් ලබා ගැනීමෙන් පසුව ඊයේ ශ්‍රී ලංකාව ට එරෙහිව තමාගේ පස්වැනි ලෝක කුසලාන ශතකය වාර්තා කරමින්. ඕනෑම ක්‍රීඩිකාවක් විසින් මේ තරගාවලියේ ලබා ගත් වැඩිම ශතක ප්‍රමාණය මෙය වන අතර ඊයේ ශතකය ඇය ලබා ගත්තේ පන්දු 110කින්.

ghy554
නැට් ස්කයිව-බ්‍රන්ට්ගේ (Nat Sciver-Brunt) බිරිඳ වන හිටපු එංගලන්ත පන්දු යවන්නියක වූ කැතරින් (Katherine) ද ඔවුන්ගේ පිරිමි බබා සමග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ නරඹන්නන් අතර සිටියා. ස්කයිව-බ්‍රන්ට් ශතකය වාර්තා කළ මොහොත හැඟීම්බර එකක් බවට පත් කරමින් එංගලන්ත නායිකාව පිටිය මැද සිට ඇගේ පවුල දෙස බලා තමා තම දෑතින් දරුවා නලවන අංග චලනයක යෙදුනා.

එංගලන්ත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන ස්කයිව-බ්‍රන්ට් සහ කැතරින් තමන් දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින බව නිවේදනය කළේ පසුගිය වසරේ සැප්තැම්බරයේ.

තරග බිමෙන් විශ්‍රාම ගිය, වාර්තා බිඳ දැමූ පන්දු යවන්නියක වන තම බිරිඳ කැතරින් ඔවුන්ගේ පළමු දරුවා සමග ගැබ්බරව සිටින බව තුන් ඉරියව් ක්‍රීඩිකා ස්කයිව-බ්‍රන්ට් ‘ඉන්ස්ටග්‍රෑම්’ වේදිකාවේ සටහනක් තබමින් ලොවට අනාවරණය කළා.

fgt46t34
39 වැනි වියේ සිටිමින් 2023 වසරේ කැතරින් විශ්‍රාම ගියේ කඩුලු 335ක් ලබා ගැනිමෙන් පසුව. මෙය එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩිකාවක් වාර්තා කළ වැඩිම කඩුලු සංඛ්‍යාව. එම වසරේ පසු කාලයේදී ඇය සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා.

“අපිට ඔයාලත් එක්ක බෙදා ගන්න සතුටු ආරංචියක් තියෙනවා. කැතරින් අපේ පළමු දරුවාත් එක්ක ගැබ්බරව ඉන්නවා” යනුවෙන් ස්කයිව-බ්‍රන්ට් කියා තිබුනා. බල්ලන් දෙදෙනෙකුගේ පිංතූරයක් ද සමග ඇය මෙසේ ද සඳහන් කර තිබුණා.


“2025දී ඉක්මනින්ම අපි පස් දෙනෙක් වෙනවා!”

32 හැවිරිදි නැට් ස්කයිව-බ්‍රන්ට් ඩිම්බ අධිශීත කිරීමේ ප්‍රතිකාරයට බඳුන් වෙමින් පවුලක් ආරම්භ කිරීමේ සැලසුමක් පිළිබඳව මේ වසර මුල නිවේදනය කළා. මේ යුවල විවාහ වුනේ 2022 වසරේ.

“මම ක්‍රිකට් ක්‍රීඩා කිරීම නතර කරයින් පස්සේ දරුවෙක් ලබන්න කැමතියි. කැතරිනුත් දරුවෙක් බිහි කරන්න කැමතියි” යනුවෙන් නැට් ස්කයිව-බ්‍රන්ට් පැවසුවේ පසුගිය වසරේ මැයි මාසයේ.

තමා දරු ඵල හට ගත හැකි ප්‍රතිකාර ගමනක නිරතව සිටින බව කැතරින් ඒ අවස්ථාවේදී කියා තිබුණා.

ලොව ඉදිරියෙන්ම සිටින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නැට් ස්කයිව-බ්‍රන්ට්ව විස්ඩන් සඟරාව 2024 වසර මුලදී නම් කර තිබුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්