leader s

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර විසාඛාපට්නම් හි ඊයේ පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයේදී එලීසා හීලී නායිකාවගේ ලකුණු 142ක සුවිශේෂී පිතිහරඹය මත ඔස්ට්‍රේලියාව ලකුණු 331ක් හඹා ගියේ කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ වැඩිම සාර්ථක හඹා යාමේ නව වාර්තාවක් බිහි කරමින්.

ඉන්දියාව ලබා ගත් මුළු ලකුණු 330 හමුවේ කඩුලු තුනක් ඉතිරි කරගෙන ලැබූ මේ ජයග්‍රහණයේදී හීලීගේ කණ්ඩායම 2024 වසරේ Potchefstroom හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 302ක් හඹා යමින් ශ්‍රී ලංකාව පිහිටුවා තිබූ වාර්තාව මකා දැමුවා.

ausi 89y89

 

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියන් හි මීට පෙර ලකුණු 300 ට වැඩි ඉලක්කයක් හඹා යාමක් සිදුවී නැහැ. මෙතෙක් තිබූ හොඳම හඹා යාම ලෙස සටහන්ව තිබුනේ මේ කණ්ඩායම ම 2022 ලෝක කුසලාන තරගයේදී මේ ප්‍රතිවාදීන් ට ම එරෙහිව ඔ්ක්ලන්ඩ් හි හඹා ගිය ලකුණු 278.

කාන්තා ODI ඉතිහාසයේ මේ වැඩිම හඹා යාමට අමතරව තවත් වාර්තා ගණනාවක් මේ තරගයේදී බිඳ වැටුනා.

තෙවැනියට වැඩිම ලකුණු එකතුව

මේ තරගයේදී කණ්ඩායම් දෙක ලබා ගත් ලකුණු 661 කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනියට වැඩිම ලකුණු එකතුවයි. මීට ඉහළින් තිබෙන්නේ මේ කණ්ඩායම් දෙක ම පසුගිය මාසයේ දිල්ලි නුවරදී වාර්තා කළ ලකුණු 781 හා බ්‍රිස්ටල් හිදී පැවති 2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ දෙපිලෙන් වාර්තා වූ ලකුණු 679.

වැඩිම හයේ පහර

bn57ine6
මෙතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේදී කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයක වැඩිම හයේ පහර සංඛ්‍යාවක් සටහන් වීම නියත සිදුවීමක්.
ඉන්දියාව ඊයේ තරගයේ ඔවුන්ගේ ඉනිමේදී හයේ පහර හතක් එල්ල කළ අතර ඔස්ට්‍රේලියාව හයේ පහර හයක් වාර්තා කළා. ඒ අනුව සමස්ත තරගයේ සටහන් වූ හයේ පහර සංඛ්‍යාව 13ක්.

නායිකාවකගේ තෙවැනියට වැඩිම ලකුණු

ඕනෑම කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක ඕනෑම නායිකාවක් ලබා ගත් තෙවැනියට වැඩිම ලකුණු ප්‍රමාණය එලීසා හීලී මේ තරගයේදී සටහන් කළා.

ඇයගේ ලකුණු 142 ඉනිමට වඩා හොඳින් මේ දක්ෂතාව ප්‍රදර්ශනය කර තිබෙන්නේ නායිකාවන් දෙදෙනෙක් පමණයි. ඒ බෙලින්ඩා ක්ලාක් සහ මෙග් ලැනිං යන ඔස්ට්‍රේලියානුවන්. ක්ලාක් 1997 වසරේදී ඩෙන්මාර්කය ට එරෙහිව නොදැවී ලකුණු 229ක් රැස් කළ අතර ලැනිං 2017 වසරේදී ශ්‍රී ලංකාව ට එරෙහිව නොදැවී ලකුණු 152ක් ලබා ගත්තා.

676yghkhmkgjf
වසර 37ක ඉඩෝරයක නිමාව

ඇනබල් සදර්ලන්ඩ් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 40කට කඩුලු 5ක් බිඳ හෙලුවේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක පළමු කඩුලු පහක මඩිය ලබා ගනිමින්.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක කඩුලු පහක මල්ලක් හිමි කරගත් ඔස්ට්‍රේලියාවේ සිවු වැනි පන්දු යවන්නිය වන්නේ සදර්ලන්ඩ්. මීට අමතරව ඇය 1988 වසරේ මෙල්බර්න් හිදී ලින් ෆුල්ස්ටන් නෙදර්ලන්තය ට එරෙහිව වාර්තා කළ කඩුලු පහෙන් පසුව එම වික්‍රමය පෑ පළමු පන්දු යවන්නිය ද වනවා.

මැජික් මන්ධානා ට අලුත් සලකුණක්

mandhyadiauwhiw
මේ තරගයේදී ඉන්දියා ආරම්භක පිතිකාරිනී ස්ම්‍රිටි මන්ධානා කැලැන්ඩර වසරක් තුළ කාන්තා ODI ලකුණු 1000ක් සම්පූර්ණ කළ පළමු පිතිකාරිනිය ලෙස ඉතිහාසගත වුනා.

මේ වමත් පිතිකාරිනිය දැන් මේ වසරේ මේ දක්වා තරග 18කින් ලකුණු 1062ක් රැස් කිරීමට සමත්ව සිටිනවා. මීට ශතක හතරක් ද ඇතුළත්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්