ඔස්ට්‍රේලියාව ට එරෙහිව විසාඛාපට්නම් හි ඊයේ පැවති 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයේදී සුවිශේෂී පිතිහරඹයක නිරත වූ ඉන්දියාවේ ස්ම්‍රිටි මන්ධනා සුපිරි ක්‍රිකට් තරුවක් වන විරාට් කෝලිගේ එදා මෙදා තුර ඉන්දියානු වාර්තාව බිඳ දැමුවා.
මේ තරගයේ ඇගේ ලකුණු 80ක ඉනිම අතරතුර මන්ධනා කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලකුණු 5,000ක් සම්පූර්ණ කළා. මේ දක්ෂතාව වෙනුවෙන් ඇය ක්‍රීඩා කර තිබුනේ ඉනිම 112කට පමණයි.
ස්ම්‍රිටි මන්ධනා, විරාට් කෝලිමේ වීර ක්‍රියාව වැඩිම වේගයෙන් සිදුකළ කාන්තාව ඇය වනවා පමණක් නොව මේ වික්‍රමය පෑ වේගවත්ම ඉන්දියානුවා වන්නේ ද 29 වැනි වියේ පසුවන මන්ධනා. ඇය විසින් බිඳ දමනු ලැබුවේ ලකුණු පන්දහසට පිවිසීම පිණිස ඉනිම 114කට ක්‍රීඩා කරමින් විරාට් කෝලි පිහිටුවා තිබූ වාර්තාව.
ලකුණු පන්දහසේ පිරිමි හා කාන්තා සමස්ත ලැයිස්තුවේ මන්ධනා දැන් පසුපසින් සිටින්නේ පාකිස්තානයේ බාබර් අසාම් (ඉනිම 97) හා දකුණු අප්‍රිකාවේ හෂිම් අම්ලා (ඉනිම 101) ට පමණයි.
එක්දින ලකුණු 5000 සීමාවට වේගයෙන් ළඟා වන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව [Source: @OG_banda/X.com]කාන්තා ODI ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ලකුණු 5,000 ලැයිස්තුවේ දැන් පෙරමුණ ගෙන සිටින්නේ මන්ධනා (ඉනිම 112). ඇය සමග බටහිර ඉන්දීය කොදෙව් පිලේ ස්ටාෆානී ටේලර් (129), නවසිලන්තයේ සුසී බේට්ස් (136), ඉන්දියාවේ මිතාලි රාජ් (144) සහ එංගලන්තයේ චාලට් එඩ්වර්ඩ්ස් (146) මේ ලැයිස්තුවේ ඉහළම පස්දෙනාව සම්පූර්ණ කරනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







