leader s

ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම්‌ වෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් ඉන්දියාවේ ආර්.ස්‍රීධර් (R. Sridhar) පත්ව සිටිනවා.


2026 T20 ‌ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු ස්‍රීධර් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ Fielding Coach ලෙස පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ආර්. ස්‍රීධර් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට අමුත්තෙකු නොවන්නේ ඔහු මේ වසර මුලදී ජාතික උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ දින දහයක විශේෂඥ පන්දු රැකීමේ වැඩසටහනක් පැවැත්වූ බැවින්.

 

Sri Lanka Cricket Appoints R. Sridhar as National Team Fielding Coach 1

ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ Level 3 සුදුසුකම් ලැබූ පුහුණුකරුවකු වන ස්‍රීධර් වසර 2014 සිට 2021 දක්වා කාලය තුළ ඉන්දියා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සිටිමින් ජාත්‍යන්තර තරග 300කට වැඩියෙන් ආවරණය කර තිබෙනවා.

ඔහු දැන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ මට්ටම ඉහළ නැංවීම පිණිස අවධානය යොමු කරමින් ළඟ එන පාකිස්තාන හා එංගලන්ත කණ්ඩායම්වල ශ්‍රී ලංකා සංචාරයන්ට මෙන්ම ඉන්පසුව එළඹෙන විස්සයි20 ලෝක කුසලානය සඳහා ද සූදානම් වෙමින් සිටින ක්‍රීඩකයන් සමග කටයුතු කිරීමට නියමිතයි.

ආර්.ස්‍රීධර්ගේ පත්වීම 2025 දෙසැම්බර් 11 සිට 2026 මාර්තු 10 දක්වා බලපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්