දකුණු ආසියාවේ විශාලතම කේ. වන් සටන් ලීග් තරගාවලිය වන Karma Fight League සටන් කලා තරගාවලිය ජනවාරි 30 දා සවස කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවැත්වීමට මේවනවිට සියලු කටයුතු යොදා ඇත.
Karma Fight League සටන් කලා තරගාවලිය මෙවර පැවැත්වන්නේ 7 වැනි වරටයි.
එහි ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ වැඩසටහන ඊයේ (28) පැවති අතර එම වැඩසටහනට දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ KFL තරගාවලි සංවිධායකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කරාතේ, මුයිතායි, බොක්සිං, කික් බොක්සිං සහ බ්‍රසීලයේ ජියු ජිට්සු වැනි සටන් රැසක් KFL තරග සඳහා ඇතුළත් වේ.
ඉන්දියාව, නේපාලය, තායිලන්තය, ඉරානය, ජර්මනිය සහ අමෙරිකාව වැනි රටවල් රැසක මේ වන විට මෙම ඉසව්ව ඉතා ජනප්‍රිය වී ඇත.







