leader s

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ අද (29) පැවති තීරණාත්මක තරගයෙන්

දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

සිම්බාබ්වේහි බුලවායෝහිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමිවූ ලකුණු 262ක ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 46වන පන්දුවාරයේ දී පසුකර යෑමට ශ්‍රී ලංකාවට හැකිවිය.

මෙම ජයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් හෙට (30) ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තය අතර පැවැත්වේ.

එම තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට තරගයක් නැතිවම අවසන් පූර්ව වටයට පිවිසිය හැකිය.

එසේ නොමැතිව ඇෆ්ගනිස්තානය ජයගතහොත් ශුද්ධ ලකුණු වේගය අනුව කණ්ඩායම් දෙකෙන් එකකට එම අවස්ථාව උදාවේ.

මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 58කට දැවීයාම ශ්‍රී ලංකාවේ මෙම අවදානම් තත්ත්වයට බලපෑවේය.

| aruna

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්