leader s

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශය විසින් වර්ජනය කිරීමෙන් පසුව ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට තීරණය වී තිබෙනවා.

ස්කොට්ලන්තය මෙසේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකට පසුව ඇතුළත් කර ගත් පළමු අවස්ථාව මෙය නෙවෙයි.

වසර 2009 වන විට සිම්බාබ්වේ හා එංගලන්තය අතර සබඳතා තිබුනේ හොඳ මට්ටමක නෙවෙයි. මේ හේතුවෙන් 2009 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට ලෙස එංගලන්තය රැඳී සිටීවිද යන්න පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී තිබුනේ සිම්බාබ්වේ ක්‍රීඩකයින්ට තරගාවලිය සඳහා එංගලන්තය ට පැමිණීමට වීසා නොලැබීමේ සැකය නිසා.

 

zim ban

අවසානයේ 2008 වසරේ ජූලි මාසයේදී, ICC හා සිම්බාබ්වේ “ජය-ජය” විසඳුමක් ලෙස ඔවුන් විසින් හඳුන්වනු ලැබූ එකඟත්වයකට පිවිසියා. ක්‍රීඩාවේ වැඩි යහපත පිණිස හා අවසන් මොහොතේ පාටියට කඩා වදින්නන් බවට පත්වීමට තමන්ට අවශ්‍ය නැති බව පවසමින් සිම්බාබ්වේ තරගාවලියෙන් ඉවත් වූව ද ඔවුන්ට ඔවුන්ගේ සම්පූර්ණ සහභාගිත්ව මුදල ලැබුණා. අද මෙන්ම එදාත් සුදුසුකම් අතින් පෝලිමේ ඊළඟට සිටි ICCයට අනුබද්ධිත කණ්ඩායමක් වූ ස්කොට්ලන්තය සිම්බාබ්වේගේ ස්ථානයට ආදේශ කර ගත්තා.

අතීතයේදී ලෝක කුසලාන ක්‍රිකට් තරග වර්ජනය කළ තවත් අවස්ථාවන් වාර්තා වී තිබෙනවා.

1996 ලෝක කුසලානය - ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය

 

Cricket
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට සති තුනකට පෙර 1996 වසරේ ජනවාරි 31 වැනිදා පුපුරන ද්‍රව්‍ය රැගත් ට්‍රක් රථයක් කොළඹ මහ බැංකුවේ ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළට පැමිණියා. කොටි ත්‍රස්තවාදීන්ගේ එම ප්‍රහාරය පුද්ගලයින් දහසකට වැඩි පිරිසකට බලපෑවා. එම සිද්ධියෙන් තිගැස්සුනු ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාව සමග තරගය ක්‍රීඩා කිරීම පිණිස දිවයිනට යාම ප්‍රතික්ෂේප කළේ ශ්‍රී ලංකාව ට නිතරග ජයක් ලබා දෙමින්. කෙසේ වෙතත්, දෛවයේ සරදමකින් මේ කණ්ඩායම් දෙක පාකිස්තානයේ ලාහෝර් නුවර අවසාන තරගයේදී මුණගැසුනු අතර එහිදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානුවන් පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගත්තා.

1996 ලෝක කුසලානය - ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරගය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද මේ හේතුව නිසා ම ශ්‍රී ලංකාව ට පැමිණීම ප්‍රතික්ෂේප කළේ කණ්ඩායම්වලට උපරිම ආරක්ෂාව සලසන බවට ශ්‍රී ලංකාව ප්‍රකාශ කර තිබියදී සහ ශ්‍රී ලංකාව ආරක්ෂිතව සංචාරය කළ හැකි රටක් බවට ICCය තහවුරු කර තිබියදී. කොදෙව් හා ඔස්ට්‍රේලියා කණ්ඩායම් දෙක ට ම ලොකු දඩ මුදලක් නියම කෙරුනා.

2003 ලෝක කුසලානය - සිම්බාබ්වේ හා එංගලන්තය අතර තරගය

erg645fgggfgffhh
රොබට් මුගාබේගේ පාලනය යටතේ සිම්බාබ්වේ දේශය දරුණු දේශපාලනික කැලඹිල්ලකට මුහුණ දී සිටි අතර එවන් තත්ත්වයකදී එකල එංගලන්ත අගමැතිව සිටි ටෝනි බ්ලෙයා සිම්බාබ්වේ නොයන ලෙසට එංගලන්ත කණ්ඩායමට නියෝග කළා. කෙසේ වෙතත් ඔහු, තරගය පැවැත්වෙන ස්ථානය වෙනස් කරන ලෙසට ICCයෙන් ඉල්ලා සිටිය ද එය ප්‍රතික්ෂේප වුණා.

සිම්බාබ්වේ ට නිතරග ජයක් හා ලකුණු හතරක් පිරිනැමුනා. කෙසේ වෙතත්, මීට පෙර පැවති තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල මෙන් නොව, මේ ප්‍රතිඵලය එංගලන්ත කණ්ඩායමේ ඉරණමට විශාල ලෙස බලපෑවා.

එංගලන්තය හා සිම්බාබ්වේ කණ්ඩායම් දෙක ම ජයග්‍රහණ තුන බැගින් ලබා ගෙන මූලික වටය අවසන් කළ අතර පාකිස්තානය ට එරෙහි සිම්බාබ්වේ පිලේ එම වටයේ අවසන් තරගය වර්ෂාවට සේදී යාමෙන් සිම්බාබ්වේ කණ්ඩායම ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව සමග ඊළඟ වටය ට සුදුසුකම් ලැබුවා.

2003 ලෝක කුසලානය - කෙන්යාව හා නවසිලන්තය අතර තරගය

New Zealand 2
ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් නවසිලන්ත කණ්ඩායම කෙන්යාව ට යාමට කැමැත්තත් දැක්වූයේ නැහැ. 

 
ඉහළ නිලධාරීන් ගණනාවක් සමග පැවති සාකච්ඡාවලින් පසුව, තමන්ගේ කණ්ඩායම කෙන්යාව ට නොයැවීමට නවසිලන්ත ක්‍රිකට් මණ්ඩලය තීරණය කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්