leader s

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය අමෙරිකානු 2026 විස්සයි20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වෙමින්

යළි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙනවා. මේ අනුව ඔහු පාකිස්තානය ට එරෙහිව කොළඹදී පැවැත්වෙන අමෙරිකානු කණ්ඩායමේ ලෝක කුසලාන තරගයට සහභාගි වෙමින් ඔහු උපන් භූමියේදී අමෙරිකාව නියෝජනය කිරීම විශේෂත්වයක් වනවා.

පහළොස් දෙනාගේ අමෙරිකානු සංචිතයට නම් කර තිබෙන 34 හැවිරිදි ජයසූරිය වමතින් පිත්ත හසුරුවන අතර පිට දඟ පන්දු යවනවා. වසර 2015 සිට 2020 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 12කට සහ ජාත්‍යන්තර විස්සයි20 තරග 18කට ඔහු ක්‍රීඩා කර තිබෙනවා.

ජයසූරියව මේ සංචිතයට ඇතුළත් කිරීම ඔහුගේ ක්‍රීඩා ගමන් මඟේ සැලකිය යුතු වර්ධනයක්. මේ ක්‍රීඩකයා 2024 වසරේදී සිඇටල් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ද සමග තරග දෙකකට ක්‍රීඩා කිරීමෙන් පසුව 2025 ප්‍රධාන ලීග් ක්‍රිකට් වාරයට ඇතුළත් කර ගැනුනේ නැහැ.

අමෙරිකාව ඊයේ ඔවුන්ගේ සංචිතය නම් කළේ ලබන 7 වැනිදා ඇරඹෙන T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 20න් සංචිතය ස්ථිර කළ අවසාන කණ්ඩායම බවට පත්වෙමින්. ‌මේ ප්‍රමාදයට හේතු වී තිබුනේ ඔවුන්ගේ ක්‍රිකට් පාලනයේ ඇතිව තිබූ අවිනිශ්චිත කාල වකවානුව හා ක්‍රීඩකයින් තේරීමේ ඔවුන්ගේ සැලසුම් අවුල් කරමින් පසුව ඇතිවූ සිදුවීම.

එම සිදුවීම බදාදා හටගත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හිටපු අමෙරිකානු නායක ඒරන් ජෝන්ස් ට තරග පාවාදීම සම්බන්ධයෙන් වන චෝදනා ගණනාවක් නඟා සිටි අවස්ථාවේ. ලෝක කුසලාන අවසන් සංචිතයට ස්ථිර වශයෙන් ඇතුළත් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ ජෝන්ස්ව පසුව ලෝක කුසලාන ක්‍රීඩකයින් තෝරා ගැනීම්වලින් ඉවත් කෙරුනේ අමෙරිකානු ක්‍රිකට් තේරීම් නිලධාරීන්ට අවසන් මිනිත්තුවේදී ඔවුන්ගේ සැලසුම් වෙනස් කිරීමට බල කෙරෙමින්. ජෝන්ස්ව ඉවත් කිරීමෙන් හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රීඩක ජයසූරිය ට සංචිතයට පිවිසී‌මේ අවස්ථාව නිර්මාණය වුණා.  

ශෙහාන් ජයසූරිය අමෙරිකානු සංචිතයේ සිටින තවමත් අමෙරිකාව වෙනුවෙන් ක්‍රීඩා කර නැති ක්‍රීඩකයින් දෙදෙනාගෙන් කෙනෙක්. අනෙක් ක්‍රීඩකයා වන්නේ පාකිස්තානයේ උපන් 29 හැවිරිදි පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක 29 හැවිරිදි මොහමඩ් මෝසින්. ඔහු මීට කළින් පාකිස්තාන සුපර් ලීගයේ පෙශාවෝර් සල්මි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග හතරක් වෙනුවෙන් අමෙරිකාව නියෝජනය කර ඇති එහෙත් තවමත් ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩා කර නැති ඉන්දියාවේ උපත ලද ෂුභාම් රන්ජන පිතිකරුවා ද සංචිතයට ඇතුළත්ව සිටිනවා. ඔහු මුම්බායි සහ මහාරාස්ත්‍ර කණ්ඩායම්වල හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ෂුභාම් 1958 සිට 1964 දක්වා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග හතකට ක්‍රීඩා කළ මඳ වේග පන්දු යවන වසාන්ට් රන්ජනගේ මුනුපුරා.

2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටය දක්වා ගිය අමෙරිකානු සංචිතයේ සිටි ක්‍රීඩකයින් 10 දෙනෙක් මෙවර සංචිතයට ඇතුළත්ව සිටිනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්