2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘A’ කාණ්ඩය යටතේ ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය පකිස්ථානය විසින් වර්ජනය කිරීමට තීරණය කර තිබේ.
පකිස්ථාන රජයේ නිල ‘X’ ගිණුමේ පළ කරන ලද සටහනක දැක්වුණේ, තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට යාමට පකිස්ථාන කණ්ඩායමට රජය අවසර ලබා දී ඇති නමුත්, “2026 පෙබරවාරි 15 වන දින ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය සඳහා පකිස්ථාන කණ්ඩායම පිටියට පිවිසෙන්නේ නැත” යනුවෙනි.මෙය තරඟය ලෝක කුසලාන මූලික වටය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෙදුණු දැවැන්තම ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනෙන තරගය වීමට නියමිත විය.
මෙවර ලෝක කුසලානයේ පාකිස්තානය තරග වදින සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව ඇති අතර පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා එරට අගමැති සමග ඊයේ පැවැති සාකච්ඡාවේදී ඉන්දියාව සමග පෙබරවාරි 15 වැනිදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණු ලෝක කුසලාන මූලික වටයේ තරගයට සහභාගීවීමෙන් තමන් වැළකී සිටින බවට පකිස්තානය තීරණය කර තිබේ.
එසේ වුවද, පාකිස්තානය මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වීමේ කිසිදු ගැටලුවක් නොමැති බවද ඔවුන් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට වූ අසාධාරණය හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව ද දන්වා ඇත.







