leader s

සිම්බාබ්වේ ලකුණු 23කින් ඔස්ට්‍රේලියාව පරාජය කිරීමත් සමග 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙරැළිය කොළඹ ආර්‌.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ වාර්තා වුණා.


මේ අනපේක්ෂිත ප්‍රතිඵලය ‘බී’ කොටසේ තරග වටයේ ප්‍රබෝධමත් අවසානයකට මං විවර කර තිබෙනවා. ඔස්ට්‍රේලියාව හා සිම්බාබ්වේ යන කණ්ඩායම් දෙක ට ම එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ යුතුව තිබෙන අතර මේ තරග කොටසින් ඉදිරියට යන්නේ කවුරුන්ද යන්න කීම මේ අවස්ථාවේ අසීරු වී තිබෙනවා.

අයර්ලන්තය සහ ඔ්මානය ට එරෙහිව ජයග්‍රහණ වාර්තා කර සිටින ශ්‍රී ලංකාවේ මීළඟ තරගය යෙදී තිබෙන්නේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව. එය ලබන 16 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කෙරෙන අතර ශ්‍රී ලංකාව හා  සිම්බාබ්වේ අතර තරගය පෙබරවාරි 19 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 



ඊයේ පැවති විස්මයජනක තරගයෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම ඔවුන්ගේ මීළඟ තරගය වෙනුවෙන් උපක්‍රම සැලසුම් කිරීමට පෙර දීර්ඝ කාලයකට මතක හිටින ජයග්‍රහණයක් සමරද්දී ඔස්ට්‍රේලියාව ඊයේ තරගයෙන් පසුව වැඩිවූ ක්‍රීඩක ආබාධයන් නිසා තම කණ්ඩායමේ බලය ශක්තිමත් කිරීමට යොදන ක්‍රීඩකයින් ඉක්මනින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරමින් සිටිනවා.

ඔස්ට්‍රේලියානු ලෝක කුසලාන මෙහෙයුම අවදානමට ලක්ව තිබෙන්නේ විශේෂයෙන් ඔවුන්ගේ නායක මිචල් මාෂ් හා ප්‍රධාන වේග පන්දු යවන්නන් වන පැට් කමින්ස් හා ජොෂ් හැස්ල්වුඩ් නැති නිසා. හිටපු ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියාවේ කරදර තවත් වැඩි කරමින් මාකස් ස්ටොයිනිස් ඊයේ තරගයේ ඔහු යැවූ තෙවැනි ඔ්වරයේදී පෙරළා පැමිණි උඩ පන්දුව අල්ලා ගැනීමට ගත් උත්සාහයේදී ඔහුගේ වම් අත්ල තුවාල කරගත්තා. ස්ටොයිනිස් පසුව පන්දුවට පහර දුන්න ද ලබා ගත්තේ ලකුණු හයක් පමණයි.


මේ ජයග්‍රහණයත් සමග සිම්බාබ්වේ T20 ලෝක කුසලාන තරගවලදී ඔස්ට්‍රේලියාව ට එරෙහිව සියයට 100ක ජයග්‍රහණ වාර්තාවක් පවත්වා ගැනීමට සමත් වූ එකම කණ්ඩායම ලෙස තවදුරටත් රැඳී සිටීමට සමත් වුණා. 2007 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති මංගල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ කේප් ටවුන් හි පැවති තරගයේදී ද සිම්බාබ්වේ කඩුලු පහකින් කැන්ගරුවන් පරාජය කළා.

ඊයේ තරගයේදී, බ්‍රයන් බෙනට්ගේ සිත් බඳනාසුලු ලකුණු 64ක නොදැවුනු ඉනිම මාර්ගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ඔවුන්ගේ ඕවර 20 තුළ කඩුලු දෙකට ලකුණු 169ක් රැස් කළා. අනතුරුව ඔවුන් ඔස්ට්‍රේලියාව 29/4කට දුබල කිරීමෙන් පසුව ඔ්වර 19.3කදී ලකුණු 146කට දවාලුවා.

 

zimbabwe australia ap

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානයේ පසුවන සිම්බාබ්වේ කණ්ඩායම වෙතින් ඊයේ පරාජය ලැබුවේ 2 වැනි ස්ථානයේ සිටින කණ්ඩායම වීම විශේෂත්වයක්. ආරම්භක පන්දු යවන්නන් වන බ්ලෙසිං මුසරාබානි හා බ්‍රැඩ් එවන්ස් ඔස්ට්‍රේලියානු මුල් පිතිකරු පෙල කඩා දැමුවා.

කණ්ඩායමේ ජර්සිවලින් සැරසී සිටි සිම්බාබ්වේ ක්‍රිකට් ලෝලීන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජයග්‍රහණය සැමරුවේ සාම්ප්‍රදායික නැටුමකින්.

තරගයේ කැපී පෙනුනු පන්දු යවන්නා වුනේ ලකුණු 17කට කඩුලු 4ක් ලබා ගත් මුසරාබානි.

ග්ලෙන් මැක්ස්වල් හා මැට් රෙන්ෂෝ පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක් රැස් කරමින් සිටියදී ඔස්ට්‍රේලියාව ට බලාපොරොත්තුවක සේයාවක් තිබුණා. කෙසේ වෙතත්, අතිරේක පා දඟ පන්දු යවන්නකු ලෙස ක්‍රීඩා කළ රයන් බර්ල් ලකුණු 31කට මැක්ස්වල් දවාලුවේ 106/4 සිට ලකුණු 146කට සියලු දෙනා දැවී යාමේ ඔස්ට්‍රේලියානු කඩා වැටීමකට මුල පුරමින්.

1 638697812 2

බෙනට් නොදැවී පන්දු 56කින් ලකුණු 64ක් ලබා ගැනීමෙන් පාලනය කෙරුණු ආක්‍රමණයක් ප්‍රදර්ශනය වුනේ හතරේ පහර හතක් එල්ල කළ ඔහු ගුවනින් පහරක් එල්ල කළේ කලාතුරකින් වූ බැවින්. මෙය 22 හැවිරිදි ඔහුගේ 10 වැනි ජාත්‍යන්තර T20 අර්ධ ශතකය වුණා.

බෙනට් පළමු කඩුල්ල වෙනුවෙන් ටඩිවනාශි මුරුමානි සමග ලකුණු 61ක් රැස් කිරීමෙන් පසුව රයන් බර්ල් සමග දෙවැනි කඩුල්ලට ලකුණු 70ක සබඳතාවක් බෙදා ගත්තේ විස්සයි20 ‌ලෝක කුසලාන තරගාවලියන් හි සිම්බාබ්වේ වෙනුවෙන් වාර්තාගත සබඳතාවක් පිහිටුවමින්.


warnan Gunasekara

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

  

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්