leader s

ඕමානයේ පන්දු යවන්නන්ට එරෙහිව වැඩබලන නායක ලෝකන් ටකර්, ගැරත් ඩෙලනි සහ ජෝර්ජ් ඩොක්රල් දියත් කළ
ප්‍රවේගකාරී පිති ප්‍රහාරයෙන් අයර්ලන්තය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන තරගය පන්දු 12ක් ඉතිරි කරගෙන ලකුණු 96කින් ජයග්‍රහණය කළා.  

ටකර් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් පන්දු 51කින් නොදැවී ලකුණු 94ක් රැස් කළ අතර ඩෙලනි පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 56ක් ලබා ගත්තා. මේ දෙදෙන පස් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57කින් ලකුණු 101ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

ඩොක්රල්ගේ පිතිහරඹයේ මුල සිට අග දක්වා ම ප්‍රදර්ශනය වුනේ දැඩි ආක්‍රමණශීලී විලාශයක්. ඔහු හයේ පහර 5ක් එල්ල කරමින් නොදැවී ලකුණු 35ක් රැස් කළේ පන්දු 9කට පමණක් මුහුණ දෙමින්. ටකර් සහ ඩොක්රල් හය වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19කින් ලකුණු 70ක නොබිඳි සබඳතාවක් පිහිටුවූ අතර අයර්ලන්තය ඔ්වර විස්ස අවසන් වන විට කඩුලු පහක් පමණක් අහිමි කරගෙන මුළු ලකුණු 235ක් වාර්තා කළා.

අයර්ලන්තය ඔවුන්ගේ ඉනිමේ අවසන් ඕවර දෙකේදී ලකුණු 44ක් රැස් කළ අතර ඊට පෙර ඕවර පහ ඇතුළත ලකුණු පුවරුවට එක් කළ ලකුණු ප්‍රමාණය 78ක්.
ඉලක්කය හඹා යාමේදී ඕමානයේ සියලුම ක්‍රීඩකයින් ඕවර 18ක් ඇතුළත ලකුණු 139කට දැවී ගියා. එම ඉනිමේ කැපී පෙනුනු සිදුවීම වූයේ ආමීර් කලීම් සහ හමාඩ් මිර්සා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49කින් පිහිටුවූ ලකුණු 73ක සබඳතාව. කලීම් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමග පන්දු 29කින් ලකුණු 50ක් ලබා ගත් අතර මිර්සා හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමග පන්දු 37කින් ලකුණු 46ක් රැස් කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්