ඉන්දියාව හා පාකිස්තානය අතර හෙට (15) කොළඹදී පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන තරගයට අධික වර්ෂාවෙන්
බාධා පැමිණෙනු ඇති බවට කාලගුණ අනාවැකි පළවී තිබෙනවා. බෙංගාල බොක්කට ඉහළින් හැඩගැසෙමින් තිබෙන අඩු පීඩන තත්ත්වය හේතුවෙන් තරගය පැවැත්වෙන අතරතුර නොකඩවා වැසි පතිත වීමක් පිළිබඳව ශ්‍රී ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
ස්වභාවික විපත් කළින් දැනුම් දීමේ මධ්‍යස්ථානය නිකුත් කළ යාවත්කාලීන කළ කාලගුණ වාර්තාවකට අනුව, තරගය පැවැත්වෙන කාලය අතරතුර අයහපත් කාලගුණයක් පැවතීමට ඉඩ තිබෙන්නේ තරගයට වර්ෂාව හරස් වෙමින්.
ඉරිදා සවස් වරුවේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට වැසි පතිත වීමේ ප්‍රතිශතය සියයට 70ක් බව ශ්‍රී ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.
Accuweather ට අනුව, ඉරිදා සවස් කාලයේදී කොළඹ අහස වලාකුළින් වැසී තිබෙන අතර වර්ෂාව ඇද හැලීමට සියයට 13ක අවස්ථාවක් තිබෙනවා.
කෙසේ වෙතත්, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය යනු මුළු පිටියම ආවරණය කිරීමට හැකි ආවරණ තිබෙන ලොව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ස්වල්පයෙන් එකක්. මේ නිසා වර්ෂාවක් නතර වී මිනිත්තු 20කින් පසුව නැවත ක්‍රීඩාව ආරම්භ කිරීමේ හැකියාව එම ක්‍රීඩාංගණයට තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







