leader s

වේග පන්දු ප්‍රහාරය සහ ආරම්භක පිතිකරු ඉශාන් කිෂාන්ගේ ලකුණු 77ක ප්‍රබල පිතිහරඹය මත ඉන්දියාව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය ලකුණු 61කින් පරාජය කරමින් 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපරි 8’ වටයට පිවිසියා.


කිශාන්ගේ පන්දු 40කින් ලකුණු 77ක ඉනිම ඉන්දියාව ට ඉතාමත් වැදගත් වූ අතර ඒ මත ඉනිම ගොඩනගමින් ඔවුන් කඩුලු හතක් අහිමි කරගෙන ලකුණු 175ක් වාර්තා කළා.

මේ ඉලක්කය හඹා යාම පිණිස පාකිස්තානය ට ශක්තිමත් ‘පවර් ප්ලේ’ ක්‍රීඩාවක් අවශ්‍යව තිබුණු ද එම ඕවර හය අවසන් වන විට ඔවුන්ගේ කඩුලු හතරක් ම ලකුණු 38කට බිඳ වැටී තිබුණා. හාඩික් පාන්ඩ්‍යා (16/2) සහ ජස්ප්‍රිට් බුම්රා (17/2) ඉක්මනින් පාකිස්තාන ආක්‍රමණශීලී පිතිකරුවන් වන සහිබ්සාඩා ෆර්හාන් (0), සයිම් අයුබ් (6) හා සල්මන් අලි අඝා (4) දවා ගැනීමට සමත් වූ අතර පාකිස්තානය ලකුණු 114කට දැවී ගියේ තරගයේ තවත් පන්දු 12ක් ඉතිරිව තිබියදී.  

urubm8fs babar azam 625x300 15 February 26

කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ පාකිස්තාන නායක සල්මන් අඝා ම පාකිස්තාන පන්දු ප්‍රහාරය ආරම්භ කළේ ඉන්දියාව මවිත කරමින්. එයින් නොනැවතුණු ඔහු ක්‍රීඩා ලෝලීන් අන්දමන්ද කරමින් ඔහුගේ හය වැනි පිට දඟ පන්දුවෙන් ඉන්දියාවේ වටිනා කඩුල්ලක් වූ අභිෂේක ෂර්මා (0) දවාලුවා. ඒ වන විට මුළු ලකුණු ප්‍රමාණය වූයේ එක ලකුණක් පමණයි. කෙසේ වෙතත්, පාකිස්තානය ට ඒ සතුට වැඩි වේලාවක් රඳවා තබා ගැනීමට හැකිවුනේ නැහැ. ‘පවර් ප්ලේ’ ක්‍රීඩාව අවසානයේ ඉන්දියාව ලකුණු 52ක් රැස්කර තිබුණා.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ අනෙක් ආරම්භක පිතිකරු ඉෂාන් කිශාන් ඉන්දියා පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් එල්ල කළා. පන්දු 40ක ඔහුගේ පිති ප්‍රහාරය ලකුණු 77න් නතර වූයේ සයිම් අයුබ්ගේ දඟ පන්දුව කඩුල්ලේ ගැටීමෙන්. කිශාන් අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 27කින්. හතරේ පහර 7ක් සහ  හයේ පහර 2ක් ඔහුගේ අර්ධ ශතකයට ඇතුළත්ව තිබුණා. ඉන්දියා ඉනිමේ අඩක් ගෙවෙන විට ඉන්දියාව කඩුලු දෙකකට ලකුණු 92ක් රැස් කරගෙන සිටියා.

15 වැනි ඕවරයේදී අයුබ්ගේ පිට පිට පන්දුවලින් ඉන්දියා කඩුලු දෙකක් බිඳ වැටෙමින් තිලක් වර්මා (25) සහ හාර්ඩික් පාන්ඩ්‍යා (0) දැවී ගියා. වර්මා පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් එල්ල කළ අතර පාන්ඩ්‍යා පළමු පන්දුවෙන් ම දැවී ගියා. ඒ කඩුලු දෙක ම බිඳ වැටුනේ මුළු ලකුණු 126දී.

 

IND vs PAK

19 වැනි ඕවරයේ මුළු ලකුණු ප්‍රමාණය 159ක්ව තිබියදී නායක සූර්යකුමාර් යාදව් ‘ඩීප් මිඩ්විකට්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි අයුබ් වෙත උඩ පන්දුක් දෙමින් දැවී ගියේ උස්මාන් ටරික්ගේ පන්දුවට. හතරේ පහර තුනක් සමග යාදව් ලකුණු 32ක් ලබා ගත්තේ පන්දු 29කට මුහුණ දෙමින්.

වේග පන්දු යවන ෂහීන් අෆ්රිඩි යැවූ ඔහුගේ දෙවැනි සහ ඉනිමේ අවසන් ඕවරයේදී පිට පිට කඩුලු දෙකක් බිඳ වැටුනා. පළමුව, ශිවාම් ඩූබ් දුවද්දී දැවී ගිය අතර පන්දු 17කට මුහුණ දුන් ඔහු හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කළා. ඉන්පසු ඉනිමේ අවසන් පන්දුවට අක්සාර් පටෙල් (0) දැවී ගියා. ඉන්දියාව කඩුලු 7 ට ලකුණු 175 යි.

 

Colombo [Sri Lanka], Feb 15 (ANI): India's Ishan Kishan plays a shot during the ICC Men's T20 World Cup 2026 match against Pakistan, at R.Premadasa Stadium in Colombo on Sunday. (ANI Photo)

පාකිස්තානයේ ඕවර 20න් 18ක් ම දඟ පන්දු යවන්නන් විසින් යැවීම විශේෂත්වයක්. ඔවුන් අතරින් වඩාත්ම සාර්ථක පන්දු යවන්නා වෙමින් සයිම් අයුබ් ලකුණු 25කට කඩුලු 3ක් ලබා ගත්තා.

ඉලක්කය හඹා යාමේදී පාකිස්තාන කඩුලු හතරක් ‘පවර් ප්ලේ’ ඕවර හය අවසන් වන විට ලකුණු 38කට බිඳ වැටී තිබුණා. ඒ වන විට දැවී ගොස් සිටියේ සහිබ්සාඩා ෆර්හාන් (0), සයිම් අයුබ් (6), සල්මන් අඝා (4) සහ බාබර් අසාම් (5). මෙයින් කඩුලු දෙකක් ලබා ගත්තේ වේග පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා. පළමු ඕවර දහය අවසන් විට පාකිස්තාන ලකුණු පුවරුව දිස්වුනේ 71/4ක් ලෙසින්.

IND VS PAK 288 scaled

11 සහ 12 වැනි ඕවරවලදී පාකිස්තානය ට කඩුලු දෙකක් අහිමි වුණා. මුළු ලකුණු 73දී පටෙල්ගේ පන්දුවට සීමාවෙන් පිටතට පැමිණි උස්මාන් ඛාන්, ප්‍රතිවාදී කඩුලු රකින්නා වූ ඉශාන් කිෂාන්ගේ ‘ස්ටම්ප්’ කිරීමකින් දැවී ගියේ හතරේ පහර හයක් සහ හයේ පහරක් සමග පන්දු 34කින් ලකුණු 44ක් රැස් කරගෙන සිටියදී. අනතුරුව මුළු ලකුණු 78දී මොහමඩ් නවාස් (4) කුල්දීප් යාදව්ගේ පන්දුවට උඩ පන්දුවක් දෙමින් දැවී ගියා.

ෂඩාබ් ඛාන් පන්දු 15කින් ලකුණු 14ක් ලබා ගෙන තිලක් වර්මාගේ පන්දුවට උඩ පන්දුවක් දෙමින් 13 වැනි ඕවරයේ දැවී ගියේ ද මුළු ලකුණු සංඛ්‍යාව 78ක්ව තිබියදීයි.
16 වැනි ඕවරයේදී වරුන් චක්‍රවර්ති පිට පිට කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් වෙමින් ෆහීම් අෂ්රෆ් (10) සහ අබ්‍රා අහමඩ් (0) දවාලුවා. මේ කඩුලු දෙක බිඳ වැටුනේ මුළු ලකුණු 97දී.

උස්මාන් ටරික් (0), හාඩික් පාන්ඩ්‍යාගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන් 18 වැනි ඕවරයේ දැවී යාමත් සමග පාකිස්තාන ඉනිම ලකුණු 114කට අවසන් වුණා.
පටෙල් ලකුණු 29කට කඩුලු 2ක් ද, චක්‍රවර්ති ලකුණු 17කට කඩුලු 2ක් ද ලබා ගත්තා.

දෙපිලේ නායකයින් අතර අතට අත දීමක් මේ තරගයේදීත් සිදුවුනේ නැහැ.


warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්