leader s

දකුණු අප්‍රිකාව ක්‍රීඩා නොකර ම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයට අද (16) පිවිසියා.


එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඇෆ්ගනිස්තානයේ ජයග්‍රහණයෙන් පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ‘ඩී’ කොටසෙන් ඊළඟ වටයට සුදුසුකම් ලැබීම තහවුරු වීම මීට හේතුවයි.

2024 තරගාවලියේ අවසන් තරගයට පිවිසි දකුණු අප්‍රිකාව 2026 තරගාවලියේ ‘Super 8’ වටයට සුදුසුකම් ලැබූ තෙවැනි කණ්ඩායමයි. මීට පෙර, පළමුව බටහිර ඉන්දීය කොදෙව් පිලත්, දෙවැනුව සම සත්කාරක ඉන්දියාවත් ‘සුපිරි අට’ වටයට පිවිසියා.

‘ඩී’ කොටසේ මූලික වටයේ තවත් තරග තුනක් පමණක් ඉතිරිව තිබියදී, කැනඩාව තරග දෙකකින් කිසිම ලකුණක් ලබා ගෙන නැති බැවින් ඔවුන් තරගාවලියෙන් ඉවතට විසිවනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇෆ්ගනිස්තානය ලකුණු දෙක බැගින් ලබා ගෙන සිටින අතර ඔවුන් වෙන් කර තිබෙන්නේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයෙන් (NRR) පමණයි. නමුත් ඔවුන්ගේ සියලු උත්සාහයන්ගෙන් ඵලක් නොවීමට ඉඩ ඇති අවස්ථාවක් තිබෙනවා. ඒ, නවසිලන්තය විසින් කැනඩාව පරාජය කිරීමයි.

නවසිලන්තය හෙට (අඟහරුවාදා) චෙන්නායි හිදී කැනඩාව පරාජය කළහොත් ඔවුන් ‘සුපිරි අට’ වටයට පිවිසෙන අතර ඇෆ්ගනිස්තානය තරගාවලියෙන් ඉවතට යනවා.

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ පළමු තරග තුනෙන් ලකුණු හයක් ලබා ගෙන සිටිනවා. නවසිලන්තය තරග තුනකින් පසුව ලකුණු හතරක් සමග ‘ඩී’ කොටසේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්