පැතුම් නිස්සංක 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වාර්තා කළ පළමු ශතකය ආධාරයෙන් ශ්‍රී ලංකාව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව කඩුලු අටකින් පරදවමින් ‘සුපිරි 8’ වටයට පිවිසියා.
ශ්‍රී ලංකාවේ මේ ආරම්භක පිතිකරුවා හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින් පන්දු 52කින් ලකුණු 100ක් ලබා ගත්තේ 192.31ක විස්මිත ප්‍රහාරක වේගයකින්.
මෙය ඔස්ට්‍රේලියාව ට එරෙහිව T20 ලෝක කුසලාන තරගයක වාර්තා වූ පළමු ශතකයයි. මීට කළින් තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2014 තරගාවලියේ මීර්පූර් හිදී පාකිස්තානයේ උමාර් අක්මාල් ලබා ගත් ලකුණු 94.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







