leader s

2026 වසරේ පෙබරවාරි මස 16 වැනි දින රාත්‍රියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාම පහසු ජයග්‍රහණයක් ලෙසට වෙනස් කළා.


ඔහුගේ පන්දු 52කින් ලකුණු 100ක ආක්‍රමණශීලී පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව කඩුලු අටකින් ඔස්ට්‍රේලියාව පරාජය කරමින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයට පිවිසියා.

ලකුණු 182ක වාර්තාගත ඉලක්කය ඕවර 18ක් ඇතුළත හඹා යාමේදී ශ්‍රී ලංකාව නිස්සංකගේ නොදැවුණු ශතකය හා කුසල් මෙන්ඩිස්ගේ හතරේ පහර හයක් සහ හයේ පහරකින් සමන්විත පන්දු 38කින් ලකුණු 51 ඉනිම මත විශ්වාසය තැබුවා. පවන් රත්නායක පන්දු 15කින් ලකුණු 28ක් රැස් කරගෙන නොදැවී සිටියා. නිස්සංක ඔහුගේ තරග ජයග්‍රාහී ඉනිමේදී හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් එල්ල කළා.

413691.4
ඊට කළින්, ශ්‍රී ලංකාව ලකුණු 181කට ඔස්ට්‍රේලියාව දවාලීමට පෙර ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් වන නායක මිචල් මාෂ් සහ ට්‍රැවිස් හෙඩ් ප්‍රවේගකාරී පිතිහරඹයන් දියත් කරමින් අර්ධ ශතක ලබා ගත්තා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් පළමු තරග දෙකට ක්‍රීඩා නොකර සිට නැවත කණ්ඩායමට එක්වූ මාෂ් වේගී පිතිහරඹයක නිරත වුනේ පන්දු 27කින් ලකුණු 54ක් ලබා ගනිමින්. හෙඩ් ද එවැනිම විනාශකාරී පිතිකරුවෙකු වෙමින් පන්දු 29කින් ලකුණු 56ක් රැස්කර ගත් අතර මේ ආරම්භක පිතිකරු යුගලය පන්දු 51කින් ලකුණු 104ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා. මේ අනුව කැන්ගරුවන් 200කට වැඩි මුළු ලකුණු සංඛ්‍යාවක් කරා යන සෙයක් පෙන්නුම් කළා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව අවසන් ඕවර දහයේදී වඩාත් හොඳින් ක්‍රීඩා කළේ පා දඟ පන්දු යවන දුශාන් හේමන්ත ලකුණු 37කට කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින්. ඔස්ට්‍රේලියානු පිලේ අවසන් කඩුලු හතර බිඳ වැටුනේ ලකුණු පහකට.

1770816123638 FotoJet 37 1

ඉලක්කය හඹා යාමේදී ශ්‍රී ලංකාව ට කළින්ම පසුබෑමක් අත්කර දෙමින් කුසල් ජනිත් පෙරේරා (1) දැවී ගියා. මේ මොහොතේදී ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට එකිනෙකා සමග කතා කිරීමට පවා අපහසු වුණා. නමුත් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ට වෙනත් සැලසුමක් තිබූ අතර මේ දෙදෙන දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක් රැස් කරමින් ඉනිමේ අඩක් නිමා වන විට ප්‍රතිවාදීන්ට වඩා ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන ගොස් තිබුණා.

පන්දු 60කින් ලකුණු 89ක් අවශ්‍යව තිබෙන විට ඉලක්කයට පිවිසීමට හැකිවනු ඇති බවට ශ්‍රී ලංකාව ට විශ්වාසයක් තිබුණා.

කෙසේ වෙතත්, කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් ලබා දුන්නේ ඔස්ට්‍රේලියාව ට සහනයක් ලබා දෙමින්. එහෙත් නිස්සංක නතර කිරීමට ඔවුන්ට හැකිවුනේ නැහැ.

ඊට කළින්, පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකාව ගත් තීරණයෙන් අසාර්ථක ප්‍රතිඵල ලැබෙමින් මාෂ් සහ හෙඩ් හතරේ සහ හයේ පහර වැලක් එල්ල කළා. දුෂ්මන්ත චමීර ට එරෙහිව පළමු ඕවරයේ හතරේ පහරක් සහ හයේ පහරකින් ‘පවර් ප්ලේ’ ක්‍රීඩාව ආරම්භ කළ මාෂ් එම ක්‍රීඩාව අවසන් කළේ හය වැනි ඕවරයේදී මහීෂ් තීක්ෂණ ට පිට පිට හතරේ පහර පහක් එල්ල කරමින්. ‘පවර් ප්ලේ’ අවසන් වන විට ඔස්ට්‍රේලියාව කිසිවෙකු නොදැවී ලකුණු 70ක් රැස් කරගෙන තිබුණා.

 

jqdklbts pathum nissanka 625x300 16 February 26

මාෂ් සහ ට්‍රැවිස් හෙඩ් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 51කින් ලකුණු 104ක් එක් කරමින් සිටියදී හෙඩ් දුන් උඩ පන්දුවක් ‘ලෝන්ග් ඔෆ්’ ස්ථානයේ සිට දිව යමින් කමිඳු මෙන්ඩිස් රැක ගැනීමත් සමග එම ප්‍රවේගකාරී සබඳතාවට තිත වැටුණා. හෙඩ් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් එල්ල කළා. ඊළඟ ඕවරයේදී කැමරන් ග්‍රීන් (3) වෙල්ලාලගේ ගේ පන්දුව ට දැවී ගිය අතර ඔස්ට්‍රේලියානු ඉනිමේ අඩක් අවසන් වන විට කඩුලු 2ක් ලකුණු 110කට බිඳ වැටී තිබුණා.

11 වැනි ඕවරයේදී මිචල් මාෂ්ගේ වටිනා කඩුල්ල ලබා ගත්තේ දුශාන් හේමන්ත. එම කඩුල්ල මුවා කිරීමේ තීරණය ශ්‍රී ලංකාව ලබා ගත්තේ තෙවැනි විනිසුරුගෙන්. හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් එල්ල කළ මාෂ් පන්දු 27කින් ලකුණු 54ක් ලබා ගත්තා.

එහෙත් ඉන්පසුව ඔස්ට්‍රේලියාව ට කඩුලු කිහිපයක්ම අහිමි වූ අතර ඔවුන් කිසිවෙකු නොදැවී ලකුණු 104 සිට 130/4 දක්වා පහළට ඇද වැටුනේ යළි ඒ අගාධයෙන් ගොඩ නොඑමින්.

aus vs sri lanka t20 world cup

කළින් අතහැරිය උඩ පන්දුවේ අලාභය පියවමින් නිස්සංක දර්ශනීය උඩ පන්දුවක් රැක ගැනීමට පෙර ග්ලෙන් මැක්ස්වල් පන්දු 15කින් ලකුණු 22ක් රැස් කළා. ජොෂ් ඉන්ග්ලිස් පන්දු 22කින් ලකුණු 27ක දායකත්වයක් ලබා දුන්නත් සීඝ්‍රගාමී දුම්රියක බඳු වේගයෙන් ලකුණු හඹා ගිය නිස්සංකගේ පිතිකරණය හමුවේ ඔස්ට්‍රේලියානු මුළු ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය ඉලක්කයක් බවට පත්වුණා.


warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්