leader s

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය දකුණු අප්‍රිකාව සහ නවසිලන්තය අතර මාර්තු 4 වැනිදාත්, දෙවැනි තරගය ඉන්දියාව හා එංගලන්තය අතර මාර්තු 5 වැනිදාත් පැවැත්වෙනවා.

T20 ලෝක කුසලානයේ 2022 සහ 2024 තරගාවලියන් හිදීත් ඉන්දියාව සහ එංගලන්තය මුණගැසී තිබෙනවා. ඉන්දියාව 2024 අවසන් පූර්ව තරගයේදී ජොස් බට්ලර්ගේ කණ්ඩායම ලකුණු 68කින් පරාජය කළ අතර 2022 තරගාවලියේදී රෝහිත් ෂර්මාගේ කණ්ඩායම කඩුලු 10ක නින්දිත පරාජයක් අත්වින්දා.

T20 World Cup 2026 Semi Final Full Schedule ENG vs IND SA vs NZ 750x536

 

ඉන්දියාව මෙන් එංගලන්තය ද දැන් පැවැත්වෙන තරගාවලියේ මේ දක්වා තරග හතකින් හයක් ජයග්‍රහණය කර සිටිනවා.

මේ අතර, දකුණු අප්‍රිකාව මේ තරගාවලියේදී දැනටමත් නවසිලන්තය පරාජය කර තිබෙනවා. පෙබරවාරි 14 වැනිදා අහමදාබාද් හි පැවති එම තරගය දකුණු අප්‍රිකාව ජයගත්තේ කඩුලු හතකින්. ඉන්දියාවේ හොලි උත්සවය පැවැත්වෙන දිනයේදීත් එම ජයග්‍රහණය නැවත ලබා ගැනීමට දකුණු අප්‍රිකානුවන් අපේක්ෂා කරනවා.

qxy45vrtghrtr

එහෙත් නවසිලන්ත ඉලක්කය වී තිබෙන්නේ මෙවර තරගාවලියේ දකුණු අප්‍රිකානුවන්ගේ පරිපූර්ණ ජයග්‍රහණ වාර්තාව අවසන් කරමින් කලින් පරාජයේ වාඩුව ගෙන වසර පහකට පසුව T20 ලෝක කුසලානයක අවසාන තරගයට සුදුසුකම් ලැබීමට.

නවසිලන්තය අවසන් වරට අවසාන මහා තරගයක ක්‍රීඩා කළේ 2021 තරගාවලියේ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නොවැම්බර් 21 වැනිදා පැවති එම තරගයෙන් ඔවුන් ඔස්ට්‍රේලියාව වෙතින් කඩුලු අටක අවමන් සහගත පරාජයක් ලැබුවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්