leader s

නවසිලන්තයේ ෆින් ඇලන් T20 ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරමින් තම කණ්ඩායම දකුණු අප්‍රිකාව ට එරෙහි කඩුලු නවයක ජයග්‍රහණයක් සහ අවසාන තරගය කරා ගෙන ගියා.


කොල්කටා හි ඊයේ පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගයේ ලකුණු 170ක ඉලක්කයක් හඹා යාමේදී ඇලන් පන්දු 33කින් නොදැවී ලකුණු 100ක් රැස්කර ගත්තේ මීට පෙර තිබූ වාර්තාව වූ ක්‍රිස් ගේල් ගේ පන්දු 47 බිඳ  දමමින්. නවසිලන්තය ඔ්වර 7.1ක් ඉතිරිව තිබියදී ඉලක්කය පසුකළා.

fin1

ඇලන්ගේ අතිවිශිෂ්ට පිතිහරඹයට පිට පිට පන්දුවලදී හතරේ පහර දෙකක්, හයේ පහර දෙකක් සහ තවත් හතරේ පහරක් ඇතුළත් කරගෙන ශතකය සමරමින් ඔහු තරගය අවසන් කළා.

ටිම් සීෆර්ට් ලකුණු 58ක දායකත්වයක් ලබා දෙමින් ඇලන් සමග ඕවර 9.1ක් පමණක් වැය කර ලකුණු 117ක ආරම්භක කඩුලු සබඳතාවක් ගොඩනගමින් මේ පරිපූර්ණ ජයග්‍රහණයට අඩිතාලම දැමුවා.

 

fin566
සීෆර්ට්ගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර හතක් ඇතුළත්ව තිබූ අතර ඇලන් හයේ පහර අටක් සහ හතරේ පහර දහයක් එල්ල කළේ පාලනයකින් යුත් ශක්තිමත් පිතිහරඹයක් ප්‍රදර්ශනය කරමින්.

දඟ පන්දු යවන්නන් වන රචින් රවින්ද්‍ර සහ කෝල් මැක්කොන්චී කඩුලු දෙක බැගින් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව 169/8කට සීමා කළේ නවසිලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කිරීමෙන් පසුව.

තරග හතකින් අපරාජිත සිටි දකුණු අප්‍රිකාව, 77/5කට කඩා වැටුණා. ඒ, මාකෝ ජැන්සන්ගේ නොදැවුනු ලකුණු 55 විසින් ඔවුන්ට නම්බුකාර මුළු ලකුණු ප්‍රමාණයක් එක් කිරීමට පෙර.

fineb5656
වේග පන්දු යවන ලුන්ගි එන්ගිඩි ට එරෙහිව ලකුණු ලබා ගනිමින් සීෆර්ට් ඔහුගේ අර්ධ ශතකයට පිවිසි අතර ඇලන් පන්දු 19කට පමණක් මුහුණ දෙමින් ඔහුගේ අර්ධ ශතකය සම්පූර්ණ කළා.

කගිසෝ රබාඩා 10 වැනි ඕවරයේදී සීෆර්ට් දවුලුවේ දකුණු අප්‍රිකාවේ එකම ඉදිරි පියවර සටහන් කරමින්.

ඊට පෙර, මැක්කොන්චී දෙවැනි ඔ්වරයේදී ප්‍රහාරයක් එල්ල කරමින් කුයින්ටන් ඩි කොක් ලකුණු 10කට සහ ඊළඟ පන්දුවෙන් රයන් රිකල්ටන් දවාලීමෙන් පසුව ‘හැට්-ට්‍රික්’ වික්‍රමයක් වාර්තා කිරීමට අසමත් වුණේ පිට පිට තෙවැනි කඩුල්ල බිඳ වැටීම ඩෙවාල්ඩ් බ්‍රෙවිස් විසින් වළක්වා ගත් බැවින්.

වමතින් දඟ පන්දු යවන රවින්ද්‍රගේ පන්දුවට ලකුණු 18ක් රැස්කර ගෙන සිටි මාක්රම් දුන් උඩ පන්දුව හතරේ සීමාව පෙදෙසේදී ඩැරිල් මිචල් රැක ගත්තා. ඩේවිඩ් මිලර් ලකුණු හයකට රවින්ද්‍රගේ පන්දුවකට දැවී ගියේත් මිචල් තවත් උඩ පන්දුවක් ‘ලෝන්ග් ඔ්න්’ ස්ථානයේදී රැක ගත් බැවින්.

finbe5u5

 

ජිමී නීශාම් විසින් බ්‍රෙවිස්ගේ ඉනිම ලකුණු 34කට අවසන් කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අඩක් ඔ්වර 10.2ක් ඇතුළත දැවී ගොස් තිබුණා.

ට්‍රිස්ටාන් ස්ටබ්ස්ගේ කඩුල්ල ෆර්ගියුසන් බිඳ දැමුව ද, ජැන්සන් ඔහුට හයේ පහරක් එල්ල කරමින් අර්ධ ශතකයට පිවිසියා. සිය දරුවාගේ උපතින් පසුව අඟහරුවාදා රාත්‍රියේ යළි පැමිණි වේග පන්දු යවන මැට් හෙන්රි, ලකුණු 34කට කඩුලු 2ක් ලබා ගත්තා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්