leader s

සන්ජු සැම්සන් නැවත වරක් නැගී සිටිමින් ලකුණු 89ක දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් එංගලන්තය ට ජයග්‍රහණය සඳහා

ලකුණු 7ක් අඩුවෙමින් ඉන්දියාව 2026 විස්සයි20 ලෝක කුසලාන අවසාන තරගයට පිවිසියේ ජේකබ් බෙතල්ගෙන් වික්‍රමාන්විත ලකුණු 105ක් වාර්තා වී තිබියදී.

‌මේ අනුව මෙවර තරගාවලියේ අවසාන වේදිකාව දැන් සකස් වී තිබෙන අතර එහි රඟන්නේ ඉන්දියාව හා නවසිලන්තය. එම තරගය මාර්තු 8 වැනිදා අහමදාබාද් හිදී පැවැත්වෙනවා.

ඉන්දියාව හා එංගලන්තය වන්ඛඩේ ක්‍රීඩාංගණයේ ඊයේ තියුණු මුහුණුවරකින් පැවති අවසන් පූර්ව තරගයට මුහුණ දුන්නේ ඒ වනවිටත් ඉතිහාසය නිර්මාණය වී තිබියදී.

මෙය ඔවුන්ගේ අඛණ්ඩ තෙවැනි T20 ලෝක කුසලාන අවසන් පූර්ව මුණගැසීම මෙන්ම මේ තත්ත්වයෙන් දෙපිල හමුවූ වාර්තාගත හය වැනි අවස්ථාව වී තිබුණා. මේ කණ්ඩායම් දෙක ට ම එක සමාන මෙහෙයුම් තිබුණේ ඔවුන් ජයග්‍රහණ හයක් සහ එක් පරාජයක් බැගින් ලබා ගෙන සිටි බැවින්. මීට අමතරව මේ කණ්ඩායම් දෙක ම තෙවැනි විස්සයි20 ලෝක කුසලාන කිරුළක් හඹා යමින් සිටියා.

කෙසේ වෙතත්, ඉන්දියාව ට මීට වඩා තවත් විශාල බලාපොරොත්තුවක් තිබුණා. එනම්, පිට පිට T20 ලෝක කුසලාන දිනා ගත් එදා මෙදා තුර පළමු කණ්ඩායම ලෙසින් ඉතිහාසගත වීම.

අභිෂේක් ෂර්මා කලින් ම දැවී ගිය විට එංගලන්ත නායක හැරී බෲක් පළමුව පන්දු යැවීමට ගත් තීරණය සාර්ථක එකක් ලෙසින් දිස්වුණා. ඉක්බිති පැමිණියේ එංගලන්තය මුළු රැය පුරාම පසුතැවෙනු ඇති මොහොතක්.

සන්ජු සැම්සන් ට නොදැවී සිටීමට අවස්ථාව ලබා දෙමින් බෲක් පහසු උඩ පන්දුවක් අතහැරියා. කේරල පිතිකරුවා එයට ප්‍රතිචාර දැක්වූයේ සීමා රහිත විනාශකාරී ක්‍රීඩාවකින්.

xfgser3d
එම අවස්ථාවෙන් පසුව දක්නට ලැබුනේ දැඩි ගුවනින් ප්‍රහාරයක්. අංක 3 පිතිකරු ලෙසින් උසස් වීමක් ලද ඉශාන් කිෂාන් ඉතා සතුටුදායක කාර්යයක් ඉටු කරද්දී, සැම්සන් අභීත ආක්‍රමණයකින් එංගලන්ත පන්දු ප්‍රහාරය සුනුවිසුනු කර දැමුවා. සැම්සන් ට කඩුල්ලේ අනෙක් අන්තයෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වීමට ඉඩ හරිමින් කිෂාන් ඔරලෝසුවක මෙන් සෙමෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් සිටියා.

මේ යුගලය T20 ලෝක කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරගයක ඉන්දියාවේ වැඩිම සබඳතාව වන ලකුණු 97ක් සටහන් කළ අතර අවසානයේදී අඩිල් රෂිඩ් 10 වැනි ඕවරයේදී කිෂාන්ව ඉවත් කළා.

ඒ වන විට, ඉන්දියාව ඉනිමේ අඩක් නිමාවෙද්දී 119/2ක්ව සිටියේ සැම්සන් තවමත් විනාශකාරී තත්ත්වයක පසුවෙමින්.

එංගලන්තය විල් ජැක්ස් මාර්ගයෙන් ටික‌ වේලාවකට නැවත ප්‍රහාරයක් එල්ල කළේ සැම්සන් ලකුණු 89කට දවාලමින් නිශ්චිත ලෙසින් පෙනුනු ශතකයක් ඔහුට අහිමි කරමින්. එහෙත් සංහාරය අඛණ්ඩව සිදුවුණා.

හාඩික් පාන්ඩ්‍යා සහ ශිවාම් ඩූබ් ප්‍රතිවාදීන්ගේ වේදනාව තවත් වැඩි කළ අතර ඩූබ් දුවද්දී දැවී යාමට පෙර පන්දු 25කින් ලකුණු 43ක් රැස් කළේ, එම්.එස්. දෝනි (2007) ට පසුව විස්සයි20 ලෝක කුසලාන තනි තරගාවලියක තෙවතාවක් දුවද්දී දැවී ගිය දෙවැනි පිතිකරුවා බවට පත්වෙමින්.

xdgewed
ඉනික්බිති පැමිණියේ අවසන් ආක්‍රමණය. තිලක් වර්මා ඉන්දියාව 253ක දැවැන්ත මුළු ලකුණු ප්‍රමාණයකට තල්ලු කරමින් ජොෆ්රා ආචර් ට හයේ පහර තුනකින් සංග්‍රහ කර පන්දු 7කින් ලකුණු 21ක් ලබා ගත්තා. ඉන්දියාව ඊයේ සටහන් කළේ T20 ලෝක කුසලාන ඉතිහාසයේ සිවු වැනි ඉහළම මුළු ලකුණු සංඛ්‍යාව. හතරේ පහර 18ක් සහ හයේ පහර 19ක් එම ලකුණු ප්‍රමාණයට ඇතුළත්ව තිබුණා. ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන තනි ඉනිමක වැඩිම හයේ පහර වාර්තාව සම කරන අතරතුර විස්සයි20 ලෝක කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරගයක වැඩිම හයේ පහර වාර්තාවක් ද පිහිටුවූවා.

බෙතල්ගේ සටනින් දියත් වූ ලකුණු 254ක් හඹා යාම අවසන් කළේ ජස්ප්‍රිට් බුම්රා. එංගලන්ත අපේක්ෂාවන්ට වේලාසනම පහරක් එල්ල වූයේ හාඩික් පාන්ඩ්‍යා ලකුණු පහකට පිල් සෝල්ට් දවාලූ විට. ඉන්පසු ජස්ප්‍රිට් බුම්රා ඔහුගේ 500 වැනි ජාත්‍යන්තර කඩුල්ල ලබා ගනිමින් හැරී බෲක් ලකුණු 7කට දවාලූ අතර ඔ්වර 4.1ක් වන විට එංගලන්ත කඩුලු 2ක් ලකුණු 38කට බිඳ වැටී තිබුණා.

ඉන්පසුව පැමිණියේ ජේකබ් බෙතල්ගේ ප්‍රතිප්‍රහාරය. මේ එඩිතර තරුණයා වරුන් චක්‍රවර්තිට කෙළින් ම හයේ පහර තුනක් එල්ල කරමින් විස්මිත පන්දු 19ක අර්ධ ශතකයක් කරා වේගයෙන් ගියා. මෙය T20 ලෝක කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරගයක සම-වේගවත්ම ලකුණු පනහ මෙන්ම තරගාවලියේ එංගලන්ත පිතිකරුවෙකු මෙතෙක් වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ද වුණා.

විල් ජැක්ස් ඔහු සමග එක්වීමෙන් පසුව එංගලන්තය අපහසු ඉලක්කයක් ජයගන්නා සේයාවක් කෙටි වේලාවකට පෙනුනා. නමුත් ගැම්මේ රිද්මය වෙනස්වීම ආරම්භ වෙද්දී ම, ආශ්ඩීප් සිං පහර දුන්නා.

අක්සාර් පටෙල්ගේ පිම්ම සහ ශිවාම් ඩූබ්ගේ සුරක්ෂිත දෑත්වලින් සම්පූර්ණ වූ දර්ශනීය සහාය උඩ පන්දු රැකීමකින් ජැක්ස්ව කඩුල්ලෙන් ඉවත් කෙරුනු අතර ඒ සමග තරගය නැවත ඉන්දියාවේ පැත්තතට නැඹුරු වුණා.

ඕවර  14කින් පසුව එංගලන්තය 172/5ක් ලෙස සිටියේ පන්දු 36කින් ලකුණු 82ක් අවශ්‍ය වෙමින්.

බෙතල් දිගටම සටන් කළත් ජස්ප්‍රිට් දුම්රා තදින් දොර වැසුවා. මේ සුපිරි වේග පන්දු යවන්නා ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ලබා දුන්නේ 16 වැනි ඕවරයේ ලකුණු අටක් සහ 18 වැනි ඕවරයේදී ලකුණු හයක් පමණයි.

අවසන් ඕවර දෙකෙන් ලකුණු 39ක් අවශ්‍යව තිබියදී එංගලන්තය ට ප්‍රාතිහාර්යයක් අවශ්‍යව තිබුණා.

බෙතල් අවසන් ඕවරයට පෙර ඕවරයේදී පාන්ඩ්‍යා ට පහරක් එල්ල කරමින් ඔහුගේ දීප්තිමත් ශතකයට පිවිසියේ පන්දු 45කට පමණක් මුහුණ දෙමින්. එහෙත් පාන්ඩ්‍යා නැවත පහර දෙමින් සැම් කරන් ඉවත් කළේ ජයග්‍රණය සඳහා අවසාන ඕවරයෙන් ලකුණු 30ක් අවශ්‍යව සිටි එංගලන්ත කණ්ඩායමේ සියලු බලාපොරොත්තු බිඳ දමමින්.

අවසන් ඕවරය යැවීම පිණිස පන්දුව බාරදෙනු ලැබුවේ ඩූබ් ට. සිය හොඳම උත්සාහයේදීත් බෙතල් ට එම ලකුණු සොයා ගැනීමට නොහැකි වුනේ අවසන් ඕවරයේ පළමු පන්දුවේදීම ඔහු දුවද්දී දැවී ගිය බැවින්. එයින් එංගලන්ත උත්සාහය කෙළවර වුණා.

අවසානයේදී එංගලන්තය ට ලකුණු 7ක් අඩුවූ අතර ඉන්දියාව 2026 T20 ලෝක කුසලාන අවසාන මහා තරගයට පිවිසීම සිදුවුනේ ඒ ආකාරයෙන්. ඔවුන් දැන් සිටින්නේ ඉතිහාසගත වීමට තවත් එක් ජයග්‍රහණයක පමණක් දුරකින්.

derwras
warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්