leader s

තියුණු මුහුණුවරක් ගන්නා වේගවත් තරගයක් වනු ඇතැයි මුලදී සලකනු ලැබූ 2026 විස්සයි20 ලෝක කුසලාන අවසාන මහා තරගය එක පැත්තක ගැටුමක් පමණක් බවට පත්වෙමින් ඉන්දියාව ඊයේ රාත්‍රියේ නවසිලන්තය පහසුවෙන් පරාජය කළේ වාර්තා ගණනාවක් බිඳ දමමින් සහ ක්‍රිකට් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කරමින්.


සන්ජු සැම්සන්, අභිෂේක් ෂර්මා සහ ඉශාන් කිෂාන්ගේ වේගවත් පිතිහරඹයන් මත ඉන්දියාව 255/5ක අති විශාල මුළු ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා. මේ ඉලක්කය කිසිම අවස්ථාවක නවසිලන්තය සමීපයේ නොතිබූ අතර ඔවුන් ලකුණු 96කින් සටන පැරදුනා.

 

indb56uy5yb6

මේ ජයග්‍රහණයත් සමග, ඉන්දියාව T20 ලෝක කුසලාන අවසාන තරගවල ලකුණු පරතරය අතින් ලොකුම ජයග්‍රහණයන්හි නව වාර්තාවක් බිහි කළා. මුළු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරන අතරතුර කලින් තිබූ හොඳම දක්ෂතාව වූයේ 2012 වසරේදී ශ්‍රී ලංකාව ට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් පිල ලැබූ ලකුණු 36ක ජයග්‍රහණය.

සැම්සන්ගේ දීප්තිමත් ලකුණු 89 සහ ෂර්මා (52) සහ කිෂාන්ගේ (54) ප්‍රවේගකාරී අර්ධ ශතකවලින් බලගැන්වුනු ඉන්දියා මුල් පිතිකරු පෙල විනෝදයෙන් හතරේ සහ හයේ පහර එල්ල කළේ නවසිලන්ත පන්දු යවන්නන් අන්දුන් කුන්දුන් කරවමින්.

 

Indias Sanju Samson plays a shot during the ICC Mens T20 World Cup 2026 final cricket match between India and New Zealand
ලකුණු පුවරුවේ පීඩනයට ලක්වූ නවසිලන්තය සියල්ල පරදුවට තබමින් ඉන්දියානු පන්දු යවන්නන්ට පහර දීමට ගත් උත්සාහය අවසන් වුනේ මුලදීම කඩුලු තුනක් ඉක්මනින් අහිමි කර ගනිමින්.

ඔවුන්ගේ ලොකුම බලාපොරොත්තුව වූ ෆින් ඇලන් (9) සහ භයානක පිතිකරු ග්ලෙන් ෆිලිප්ස් (5) වේලාසනම දැවී ගිය අතර එයින් සෑහෙන සටනක් දීමේ නවසිලන්තයේ අවස්ථාවන් මැකී ගියා.

අක්සාර් පටෙල් (3/27) හා ජස්ප්‍රිට් බුම්රා (4/15) නවසිලන්ත ඉනිම සමතලා කර දැමූ අතර ටිම් සීෆර්ට් (පන්දු 26කින් ලකුණු 52) දැවී යාමත් සමග තරගය සිරිතට පැවැත්වෙන තරගයක් බවට පත්වුණා.

 indbe5u675eu

පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කිරීමෙන් පසුව, සැම්සන් හා ෂර්මා ආක්‍රමණශීලී පිතිකරණයට පිවිස ගරුසරු නැති පහර එල්ල කරමින් නවසිලන්ත පන්දු ප්‍රහාරය කඩා දැමුවා. මේ දෙදෙන නිදහසේ හතරේ පහර එල්ල කරමින් ලොමු දැහැ ගන්වන ලකුණු 98ක ආරම්භක සබඳතාවක් ඕවර 7.1ක් ඇතුළත පමණක් ගොඩනැගුවේ දැවැන්ත මුළු ලකුණු ප්‍රමාණයකට අඩිතාලම දමමින්. නවසිලන්ත පන්දු යවන්නන්ට කිසිම ගෞරවයක් නොදක්වමින් ඉන්දියාව ඔ්වර 15කින් ලකුණු 200 පසුකළේ තරගයේ පාලනය සෘජුවම අත්කර ගනිමින්.

කෙසේ වෙතත්, නවසිලන්තය සැම්සන්, කිෂාන් හා නායක සූර්යකුමාර් යාදව් (0) පන්දු හයක් ඇතුළත දවාලමින් ඉන්දියාවේ වේගී ගමනේ තිරිංග තද කිරීමට සමත් වුණා. එම කඩුලු තුන ම 16 වැනි ඕවරයේදී ලබා ගත්තේ වේග පන්දු යවන ජේම්ස් නීශාම්.

 

ind45675667
හාඩික් පාන්ඩ්‍යා (18) වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී නොසිටියත්, ශිවාම් ඩූබ් (නොදැවී 26) අවසන් ඕවරයේදී නීශාම්ගෙන් ලකුණු 24ක් මිරිකා ගනිමින් ඉන්දියා ඉනිමට සාරවත් අවසානයක් ලබා දුන්නා. ඩූබ්ගේ දරුණු ප්‍රහාරයට ස්තූතිවන්ත වන්නට ඉන්දියාව අවසාන ඕවර පහේදී ලකුණු 52ක් රැස් කළා.

මෙය ඉන්දියාව ලැබූ වාර්තාගත තෙවැනි T20 ලෝක කුසලාන කිරුළයි. මීට අමතරව, ඉන්දියාව පිට පිට මේ කුසලානය දිනා ගත් පළමු කණ්ඩායම සහ මව්බිමේදී කුසලානය හිමිකර ගත් පළමු කණ්ඩායම ලෙසින් ද ඉතිහාසගත වුණා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්