leader s

ඉන්දියා ආරම්භක පිතිකරු සන්ජු සැම්සන් 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ ඉනිම පහකට පමණක් ක්‍රීඩා කරමින් වීම විශේෂත්වයක්.

 

ඔහුට ලැබුනු ඒ අවස්ථාවලින් උපරිම ඵල නෙලා ගත් සැම්සන් ලකුණු 321ක් වාර්තා කළේ 80.25ක සාමාන්‍යයක් හා 199.38ක ප්‍රහාරාත්මක වේගී දක්ෂතාවක් සටහන් කරමින්.

මේ තරගාවලියට පෙර ඔහුගේ පිතිකරණය දුර්වල මට්ටමක පැවති බැවින් තරගාවලිය ආරම්භ වන විට ඔහු ඉන්දියාවේ පළමු ක්‍රීඩකයින් 11 දෙනා අතර සිටියේ නැහැ. ඉන්දියාව ඔහු වෙනුවට ඉශාන් කිෂාන් පිතිකරු පෙලේ මුලට ගෙනැවිත් තිබුණා.

 

1772467853840 Sanju Samson
සැම්සන් මූලික වටයේදී එක් තරගයක් නැමීබියාව ට එරෙහිව ක්‍රීඩා කළේ අභිෂේක් ෂර්මා අසනීපව සිටි බැවින්. එහිදී ආක්‍රමණික ක්‍රීඩාවක යෙදුනු ඔහු පන්දු 8කට පමණක් මුහුණ දෙමින් ලකුණු 22ක් රැස් කළා.

අභිෂේක් නැවත කණ්ඩායමට එක්වූවත්, වමත් පිතිකරුවන් දෙදෙනෙකුගෙන් යුත් ආරම්භක සබඳතාව සමග ගනුදෙනු කිරීමේ මාර්ගයක් ප්‍රතිවාදී කණ්ඩායම් ඒ වන විට ඔවුන්ගේ පිට දඟ පන්දු යවන්නන්ගෙන් සොයා ගෙන තිබුණා. දකුණු අප්‍රිකාව හමුවේ ලැබූ පරාජය ඉන්දියාව ට නින්දෙන් නැගිටින ලෙසට කෙරුනු අවවාදයක් වූ අතර ඊට ඇහුම්කන් දුන් කණ්ඩායමේ කළමනාකාරිත්වය සැම්සන් නැවත කණ්ඩායමට කැඳවමින් කිෂාන්ව පිතිකරු‌ පෙලේ අංක 3 දක්වා පහළට තල්ලු කළා.

jouorfjg sanju samson afp 625x300 09 March 26

 

සිම්බාබ්වේ ට එරෙහි ජයග්‍රහණයේදී පන්දු 15කින් ලකුණු 24ක් ලබා ගත් සැම්සන් ඉන්පසුව ‘සුපිරි අට’ වටය, අවසන් පූර්ව වටය හා අවසාන තරගයේදී පිට පිට අර්ධ ශතක තුනක් වාර්තා කිරීමට සමත් වුණා. ඔහු විරාට් කෝලිගේ වැඩිම ලකුණු වාර්තාව ද බිඳ දැමූ අතර මෙය මෙවැනි කෙටි කාලයකදී ඕනෑම කෙනෙකුට දැක්විය හැකි හොඳම දක්ෂතාවක් වශයෙන් පිළිගෙන තිබෙනවා.

 
warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්