leader s

අමෙරිකාව ඉරානය සමග යුද වැදී සිටියත් ඉරානයේ ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට

සාදරයෙන් පිළිගන්නා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ කියනවා.  

අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ සත්කාරකත්වයෙන් ජූනි 11 වැනිදා ඇරඹෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සූදානම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස තමා ට්‍රම්ප්ව අඟහරුවාදා මුණගැසුනු බව ඉන්ෆන්ටීනෝ ‘ඉන්ස්ටග්‍රෑම්’ පෝස්ටුවකින් ප්‍රකාශ කර තිබෙනවා.

තමා සහ ට්‍රම්ප් ඉරානයේ වර්තමාන තත්ත්වය පිළිබඳව එහිදී කතා කළ බව ඉන්ෆන්ටීනෝ සඳහන් කරනවා.

ඉරානය ලෝක කුසලාන තරග තුනක් අමෙරිකාවේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනත්, ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමේනි ඝාතනය කරමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය මේ මාසයේදී ඉරානය ට එල්ල කළ ප්‍රහාරවලින් පසුව ඔවුන්ගේ ලෝක කුසලාන සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක් ගෙන තිබෙනවා.

ඉරානය මේ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රයාලය හා අමෙරිකානු හමුදා කඳවුරු තිබෙන බහරේන්, කුවේට්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන ගල්ෆ් රටවල් හතරට මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළා.

“ඇත්තෙන්ම ඉරාන කණ්ඩායම අමෙරිකාවේ පැවැත්වෙන තරගාවලියේ තරග කිරීම සඳහා සාදරයෙන් පිළිගන්නා බව සාකච්ඡා අතරතුර ජනාධිපති ට්‍රම්ප් නැවත නැවත කියා සිටියා” යනුවෙන් ඉන්ෆන්ටීනෝ පවසනවා.

“ජනතාව එකට එකතු කරන FIFA ලෝක කුසලානය වැනි තරගාවලියක් අන් කවරදාටත් වඩා දැන් අපි සියලු දෙනාටම අවශ්‍ය වී තිබෙනවා. පාපන්දුව ලෝකය එක්සත් කරන බව අමෙරිකාවේ ජනාධිපති ලබා දෙන සහයෝගයෙන් නැවත වරක් ප්‍රදර්ශනය වන නිසා මම අවංකවම ඔහුට ස්තූතිය පළ කරනවා.”

ඉරානය ජූනි 15 හා 21 යන දිනවල පිළිවෙලින් නවසිලන්තය හා බෙල්ජියම සමග ලොස් ඇන්ජලීස් හිදීත්, ජූනි 26 ඊජිප්තුව සමග සිඇටල් හිදීත් තරග කිරීමට නියමිතයි.

ඉරානය ලෝක කුසලානයේ ක්‍රීඩා කළත් නැතත් තමාට වැඩක් නැතැයි ට්‍රම්ප් පසුගිය සතියේ කියා තිබුණා.

ඉරානය ට සිදුකරන මේ ප්‍රහාරවලින් පසුව ලෝක කුසලාන තරගාවලිය දෙස අපේක්ෂාවෙන් බැලිය නොහැකි බව ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හය දෙනෙකුගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔස්ට්‍රේලියාව මානව හිතවාදී වීසා හයක් ලබා දී තිබෙනවා.

ඉරාන කණ්ඩායමේ ඉතිරිව සිටින ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් පසුව අඟහරුවාදා ඔස්ට්‍රේලියාවෙන් පිටව ගියා. ක්‍රීඩිකාවන් හත් දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබා දුන්න ද, එක් ක්‍රීඩිකාවක් අවසන් මොහොතේදී ඇගේ තීරණය වෙනස් කරමින් යළි සියරට බලා යාම තෝරා ගත්තා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්