leader s

ඉන්දියාව 2026 විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීමෙන් ප්‍රීති වෙද්දී තුන් ඉරියව් ක්‍රීඩක හාඩික් පාන්ඩ්‍යා ඉන්දියානු ජාතික කොඩිය

උරහිසේ දවටාගෙන ඔහුගේ පෙම්වතිය සමග වේදිකාවේ වැතිර සිටීමෙන් ත්‍රිවර්ණ ධජයට අගෞරව කර ඇති බවට චෝදනා කරමින් ඉන්දියාවේ නීතිඥවරයෙක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියා ජයග්‍රහණය සැමරීමේදී පාන්ඩ්‍යා ඉන්දියානු ජාතික කොඩිය ඔහුගේ ශරීරය වටේ ඔතාගෙන පිළිකුල් සහගත ලෙස අහමදාබාද් ක්‍රීඩාංගණයේ හැසිරුනු බවට එම පැමිණිල්ලේ සඳහන්ව තිබෙනවා.

ශිවාජිනගර් පොලිස් ස්ථානයට මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ වජිඩ් ඛාන් බිඩ්කා නමැති පූනේ නගරයේ නීතිඥවරයෙක්. පාන්ඩ්‍යා ඉන්දියා ජාතික කොඩිය ඔහු වටේ දවටගෙන ඔහුගේ පෙම්වතිය සමග නටමින් සිටි බවත්‌ මේ ක්‍රියාවන්ගෙන් ඔහු ජාතික ගෞරවයට අපහාස කිරීම වැළැක්වීමේ 1971 පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් බිඩ්කා පවසනවා.

“මෙහි තිබුණු T20 ලෝක කුසලාන තරගය ඔබ දකින්න ඇති. හාඩික් පාන්ඩ්‍යා ඔහුගේ පෙම්වතිය සමග නටමින් ඔහුගේ ජයග්‍රහණය සමරමින් සිටියා. ජාතික කොඩිය ඔහු පිටේ බැඳගෙන සිටියා. ජාතික ගෞරවයට නිග්‍රහ කිරීම වැළැක්වීමේ පනතේ විධිවිධානවලට අනුව අපි ජාතික කොඩියේ අභිමානයට ගරු කළ යුතුයි. කෙසේ වෙතත්, පාන්ඩ්‍යා ඔහුගේ ජයග්‍රහණයේ සතුටු සාගරයේ කොතරම් දුරට ගිලී සිටියාද යත්, ඔහු ජාතික කොඩිය ඇඳගෙන සිටින අතරතුර ඔහුගේ පෙම්වතිය සමග වැතිර සිටියා.”

“මෙය ජාතික ධජයට කළ නින්දාවක්. ඒ නිසා මම, පාන්ඩ්‍යා ට එරෙහිව පියවර ගන්නා ලෙසට ඉල්ලමින් ශිවාජිනගර් පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනුකළා. මේ සිද්ධිය පූනේ නගරයේ සිදුවූවක් නොවන බව පොලිසිය මුලින් මට කීවා. නමුත් ඉන්දියා කොඩිය ජාතික අභිමානයේ සංකේතයක් නිසා පූනේ මෙන්ම ඕනෑම ස්ථානයක පැමිණිල්ල දැමිය හැකි බව මම ඔවුන්ට කීවා. මම පූනේ නාගරික පොලිසියේ කොමසාරිස්වරයාවත් හමුවී මේ ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට තරයේ ඉල්ලා සිටිනවා.”

පැමිණිල්ල සම්බන්ධයෙන් ඉහළ බලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බව ශිවාජිනගර් පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයා කියා සිටිනවා.

මෙහි තිබෙන නීතිමය විධිවිධාන අධ්‍යයනය කරනු ඇති බවත් සිද්ධිය ඇතිවුනේ අහමදාබාද් අධිකරණ බලසීමාවේ නිසා පාන්ඩ්‍යා ට එරෙහි පැමිණිල්ල එම පොලිසියට යොමු කිරීමේ හැකියාවක් තිබෙන බවත් පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

පැමිණිල්ල සම්බන්ධයෙන් හාඩික් පාන්ඩ්‍යා මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්