leader s

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 74 වැනි ‘රන් සටන’ (Battle of the Golds) තෙදින මහා ක්‍රිකට් තරගය හෙට (20) මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. දෙපිල අතර 33 වැනි වරට ක්‍රීඩා කරන එක්දින තරගය පැවැත්වෙන්නේ මාර්තු 29 වැනිදා.

මෙරට ඉතිහාසයේ 11 වැනි පැරණිතම මහා ක්‍රිකට් තරගය ලෙස සැලකෙන මේ පානදුර මොරටු රන් සටනේ පළමු තරගය පවත්වා තිබෙන්නේ 1934 වසරේ. ශ්‍රී සුමංගල විදුහල් පිල ඔවුන්ගේ පළමු ජයග්‍රහණය 1962දී එස්.සිගේරාගේ නායකත්වයෙන් ලබා ගත් අතර මොරටු මහා විදුහල් පිල සිය ප්‍රථම ජය වාර්තා කළේ 1956දී ටී.හපුගොඩගේ නායකත්වය යටතේ.
 
2024 දක්වා පැවති තරග 73න් ශ්‍රී සුමංගල පිල තරග 8ක් ද, මොරටු විදුහල් පිල තරග 7ක් ද ජයගෙන තිබෙන අතර ඉතිරි තරග සියල්ල අවසන්ව තිබෙන්නේ ජය පැරදුමින් තොරව.
මීට වසර 33කට පෙර 1993දී ආරම්භ වූ එක්දින තරගාවලියෙන් ශ්‍රී සුමංගල පිල ජයග්‍රහණ 17ක් වාර්තා කර තිබෙන අතර මොරටු මහා විදුහල ජයග්‍රහණ 12ක අත්කර ගෙන තිබෙනවා. තරග දෙකක විසඳුමක් තිබී නැහැ.

මෙවර ශ්‍රී සුමංගල විදුහල් පිලේ නායකයා ලෙස මෙවිඳු කුමාරසිරි ද, මොරටු මහා විදුහල් පිලේ නායකයා වශයෙන් විහඟ නෙත්සර ද කටයුතු කරනවා.
 
Sri Sumangala
ශ්‍රී සුමංගල විදුහල් පිල
 
2025/26 ක්‍රිකට් වාරයේදී ශ්‍රී සුමංගල පිල අති විශිෂ්ට ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කර තිබෙනවා. වයස අවුරුදු 19න් පහළ 1 ඛාණ්ඩයේ ‘බී’ කොටසේ ක්‍රීඩා කළ තරග 11න් ඔවුන් ඉනිමක ජයග්‍රහණ 3ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 4ක් ද, පළමු ඉනිමේ පරාජයන් 4ක් ද සමග එම ඛාණ්ඩයේ පෙරමුණ ගෙන සිටිනවා.
 
ශ්‍රී සුමංගල පිල වෙනුවෙන් මේ දක්වා උපනායක නෙක්ෂ ඉද්දමල්ගොඩ ලකුණු 700කට වැඩියෙන් ලබා ගෙන සිටින අතර බිහඟ සිල්වා ලකුණු 300කට වැඩියෙන් රැස්කර ගෙන තිබෙනවා. මීට අමතරව එම කණ්ඩායමේ සංදීප් විජේරත්න, විදුර බසුරු, පන්සිළු සිල්වා, සදික දම්යුරු සහ නායක මෙවිඳු කුමාරසිරි ලකුණු 200 ට වඩා ලබා ගෙන සිටිනවා. මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල් පිලට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කළ ඉද්දමල්ගොඩ ඊට අමතරව මේ තරග වාරයේදී තවත් ශතකයක් හා අර්ධ ශතක තුනක් ලබා ගැනීමට සමත් වුණා. විජේරත්න ද ඉසිපතන විදුහලට එරෙහිව ශතකයක් සටහන් කර තිබෙනවා.
 
පන්දු යැවීමේදී පෙරමුණේ සිටින කුමාරසිරි කඩුලු දහයේ දක්ෂතා 2ක් සහ කඩුලු පහේ දස්කම් 7ක් සමග කඩුලු 70කට වැඩියෙන් දවාගෙන තිබෙනවා. මෙතුම් ප්‍රනාන්දු කඩුලු පහේ අවස්ථා 3ක් සමග කඩුලු 30කට වැඩියෙන් ද, බිහඟ සිල්වා කඩුලු පහේ එක් අවස්ථාවක් සමග කඩුලු 20කට වැඩියෙන් ද මේ දක්වා ලබා ගෙන තිබෙනවා.
 
Moratu Vidyalaya
 
මොරටු විදුහල් පිල  
 
මොරටු මහා විදුහල් පිල ද වයස අවුරුදු 19න් පහළ 1 ඛාණ්ඩයේ ‘බී’ ස්තර තරගාවලිය යටතේ තරග 9කට ක්‍රීඩා කරමින් පළමු ඉනිමේ ජයග්‍රහණ 2ක් වාර්තා කර පළමු ඉනිමේ පරාජයන් 7ක් සටහන් කර තිබෙනවා.
 
මේ කණ්ඩායම වෙනුවෙන් දෙනෙත් සිතුමිණ හා සංජන සෙනෙවිරත්න ලකුණු 500කට වඩා රැස් කරගෙන ඇති අතර එහිදී සෙනෙවිරත්න එක් ශතකයක් හා අර්ධ ශතක 2ක් ද, සිතුමිණ අර්ධ ශතක 4ක් ද වාර්තා කර තිබෙනවා. පන්දු යැවීමේදී සෙනෙවිරත්න කඩුලු පහේ දක්ෂතා 3ක් සමග කඩුලු 20කට වඩා ලබා ගෙන සිටිනවා.
විදුහල්පතිවරුන් වන ශ්‍රී සුමංගල විද්‍යාලයේ රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ මොරටු මහා විද්‍යාලයේ ශර්මිලා වත්තලගෙදර යන මහත්ම මහත්මීන් හා ප්‍රධාන පුහුණුකරුවන් වන ජනුදික ආරියපාල (ශ්‍රී සුමංගල) සහ අසංක ඉන්ද්‍රජිත් (මොරටු) තරගය පැවැත්වෙන දින තුනේදී ඉහළ විනයක් පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වනවා.

මෙවර ‘රන් මහා සටනේ’ ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ Dialog Axiata PLC සමාගමයි. ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස Anunine Holdings Pvt Ltd කටයුතු කරන අතර රන් අනුග්‍රාහකයා වන්නේ Super Fashion. රිදී අනුග්‍රාහකයා වශයෙන් Sri Lanka PLC ආයතනය ඉදිරිපත්ව සිටිනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්