leader s

පාකිස්තාන වේග පන්දු යවන්නෙකු වන 25 හැවිරිදි අසාඩ් අක්තාර් විසින් යවන ලද පුදුම සහගත නීතිවිරෝධී පන්දුවකින් (නෝ-බෝල්, no-ball) මොහමඩ් අමිර්ගේ කුප්‍රකට නෝ-බෝල් පන්දුවේ මතකය අවදි කර තිබෙනවා.
පාකිස්තානයේ වෘත්තීය දේශීය විස්සයි20 තරගාවලිය යටතේ පසුගියදා පැවති ජාතික T20 තරගයකදී ලාහෝර් බ්ලූස් කණ්ඩායමට එරෙහිව කරච්චි බ්ලූස් පිල වෙනුවෙන් වේග පන්දු යැවූ අක්තාර් එක් ඔ්වරයකදී ලකුණු 21ක් ලබා දුන්නා. මෙහිදී ඔහු වයිඩ් පන්දු දෙකක් හා නෝ-බෝල් පන්දු දෙකක් යැවුවා. මෙයින් එක් ‘නෝ-බෝල්’ පන්දුවකදී අක්තාර්ගේ ඉදිරි පාදය තිබෙන්නේ පන්දු යවන්නාගේ සීමාවේ සිට බොහෝ දුරින්. 2010 වසරේදී මොහමඩ් අමිර් එංගලන්තය ට එරෙහිව යැවූ, තරග පාවාදීමේ කොටසක් බවට පසුව තහවුරු වූ, කුප්‍රකට නෝ-බෝල් පන්දුව සමග අක්තාර්ගේ මේ පන්දුවෙහි තිබෙන සමානකම සැණන් හඳුනා ගෙන තිබෙනවා.
Pakistani pacer Asad Akhtar makes headlines after delivering giant no ball in National T20 Cup 2026 match
අක්තාර්ගේ මේ ආන්දෝලනාත්මක පන්දුව සමාජ මාධ්‍යයේ කැලඹිල්ලක් ඇතිකර තිබෙනවා. “මේ පන්දුවෙන් සැණින් මතකයට එන්නේ මොහමඩ් අමිර්ගේ තරග පාවාදීමේ සිද්ධියට අදාළ කුප්‍රකට නෝ-බෝල් පන්දුව යනුවෙන් එක් ක්‍රිකට් ලෝලියෙක් X වේදිකාවේ සටහන් කර තිබෙනවා.

“මෙය හාස්‍යමය ලෙස සැක සහිතයි. තරග පාවාදීම නැවතත්” යනුවෙන් තවත් පුද්ගලයෙක් ලියා තිබෙනවා. “ක්‍රිකට් ක්‍රීඩාවේ දිගම නෝ-බෝලය මේකද?...” මේ තවත් කෙනෙකුගේ සටහනක්.

බ්ලූම්ෆීල්ඩ් තරගය පාවාදීමේ සැකයක්?

පාකිස්තානයෙන් එම පුවත එසේ වාර්තා වෙද්දී, ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරග බිමෙන් ද තරග පාවාදීමේ සැකසහිත සිදුවීමක් වාර්තා වී තිබෙනවා. ඒ, බ්ලූම්ෆීල්ඩ් හා මුවර්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පසුගිය සතිඅන්තයේ පැවති තරගයෙන්.

පහසුවෙන් ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට හැකිව තිබූ මේ තරගය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පරාජය වීම තරග පාවාදීමේ සැකයට හේතු වී තිබෙන අතර මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 229ක් වාර්තා කළ අතර ඊට පිළිතුරු වශයෙන් මුවර්ස් කණ්ඩායම ලකුණු 322ක් රැස් කළා.
දෙවැනි ඉනිමේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 239ක් රැස් කරගෙන සිටියදී ඉනිම නතර කර මුවර්ස් කණ්ඩායමට ඔ්වර 42ක් ඇතුළත ලකුණු 147ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් ලබා දීම සැකයට තුඩුදුන් කාරණය වී තිබෙනවා. බ්ලූම්ෆීල්ඩ් ඔවුන්ගේ ඉනිම නතර කරන විට කඩුල්ලේ රැඳී සිටි ජනිත් ලියනගේ නොදැවී ලකුණු 83ක් ලබා ගෙන ශතකය කරා යන පිතිකරණයක නිරතව සිටි අතර අනෙක් අන්තයේ පිතිකරුවා වූ ලහිරු මධුසංඛ නොදැවී ලකුණු 19ක් රැස් කරගෙන සිටියා. තරගයේ තව බොහෝ වේලාවක් ඉතිරිව තිබියදී ලියනගේ ට ඔහුගේ ශතකය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා නොදීම හා ඉන්පසුව මුවර්ස් පිල ඔ්වර 35.2ක් ඇතුළත 152/6ක් වාර්තා කරමින් තරගය කඩුලු 4කින් පහසුවෙන් ජය ගැනීමේ පුදුම සහගත සිදුවීම් පෙල අන්තර් සමාජ ක්‍රිකට් තරග බිමේ කතාබහට ලක්ව තිබෙනවා.


පන්දුවට පහර දෙමින් සිටි බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ පිතිකරුවන් කඩුල්ලේ ස්ථාවරව සිටිමින් මුවර්ස් කණ්ඩායමට තරගකාරී ඉලක්කයක් ලබා දිය හැකිව තිබූ පසුබිමක මෙලෙස ඉනිම අත්හිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් පරීක්ෂණයක් පවත්වන බව වාර්තා වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්