leader s

රුවන්ඩාවේ ෆැනී ඌටාගූෂීමානීන්දෙ (Fanny Utagushimaninde) ඇගේ මංගල ජාත්‍යන්තර විස්සයි20 තරගයේදී ශතකයක්

ලබා ගෙන තිබෙන්නේ ඒ අතරතුර ලෝක වාර්තා දෙකක් ද බිඳ දමමින්.

නව යොවුන් වියේ පසුවන මේ ආරම්භක පිතිකාරිනිය වයස අවුරුදු 15යි දවස් 223ක්ව තිබියදී පිරිමි හෝ කාන්තා ජාත්‍යන්තර විස්සයි20 ශතකයක් ලබා ගත් ළාබාලතම පිතිකාරිනිය බවට පත්වුණා. මීට අමතරව ඇය මංගල තරගයකදී ශතකයක් වාර්තා කළ එදා මෙදා තුර ප්‍රථම කාන්තාව බවට ද පත්ව තිබෙනවා. මීට පෙර ඔස්ට්‍රේලියාවේ කැරන් රෝල්ටන් මංගල කාන්තා ජාත්‍යන්තර විස්සයි20 තරගයක වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය ලෙස වාර්තාව පිහිටුවා තිබූ අතර ඇය නොදැවී ලකුණු 96ක් රැස් කරගෙන තිබුණේ විස්සයි20 ශෛලියේ ඔස්ට්‍රේලියාවේ පළමු තරගයේ.

නයිජීරියා ආරාධිත කාන්තා ජාත්‍යන්තර T20 තරගාවලියේ ඝානාව ට එරෙහිව රුවන්ඩාව වෙනුවෙන් පිතිකරණය ආරම්භ කළ ඌටාගූෂීමානීන්දෙ හතරේ පහර 17ක් ඇතුළුව පන්දු 65කින් ලකුණු 111ක් රැස් කළා.

 

ජාත්‍යන්තර කාන්තා T20 ළාබාලතම ශතකලාභිනියන්

*රුවන්ඩාවේ ෆැනී ඌටාගූෂීමානීන්දෙ (වයස අවුරුදු 15යි දවස් 223යි) - ඝානාව ට එරෙහිව නොදැවී ලකුණු 111යි (වසර 2026)

*උගන්ඩාවේ ප්‍රොස්කොවියා අලාකෝ (අවුරුදු 16යි දවස් 233යි) - මාලි ට එරෙහිව ලකුණු 116යි (වසර 2019)

*රුවන්ඩාවේ ගිසෙල් ඉෂිම්වි (අවුරුදු 17යි දවස් 3යි) - එස්වටීනී ට එරෙහිව නොදැවී ලකුණු 114යි (වසර 2021)

*අයර්ලන්තයේ ඇමී හන්ටර් (අවුරුදු 18යි දවස් 107යි) - සිම්බාබ්වේ ට එරෙහිව නොදැවී ලකුණු 101යි (වසර 2024)

*බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඩීන්ඩ්‍රා ඩොටින් (අවුරුදු 18යි දවස් 318යි) - දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 112යි (වසර 2010)

*නෙදර්ලන්තයේ ස්ටෙරි කලිස් (අවුරුදු 19යි දවස් 301යි) - ජර්මනිය ට එරෙහිව නොදැවී ලකුණු 126යි (වසර 2019)

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්