leader s

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ට පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියට සහභාගි නොවන ලෙසට පාකිස්තානයේ Jamaat-ul-Ahrar නමැති ත්‍රස්තවාදී සන්නද්ධ කල්ලිය තර්ජනය කර තිබෙනවා.

 

මේ හේතුවෙන්, නරඹන්නන් නොමැතිව නගර දෙකකදී පමණක් මේ තරගාවලිය පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් මණඩලය තීරණය කර ඇති‌ බවට වාර්තා වී තිබියදීත් 2026  PSL ක්‍රීඩා වාරයේ ඉරණම අනතුරුදායක තත්ත්වයට පත්ව තිබෙන සෙයක් පෙනෙන්නට තිබෙනවා. බටහිර ආසියාවේ පැවැත්වෙන යුද්ධය හා වැඩිවෙමින් තිබෙන ඉන්ධන මිල ගණන් මේ තීරණය ගැනීමට ප්‍රධාන හේතු බවට පාකිස්තාන ක්‍රිකට් සභාපති මෝසින් නක්වි ඊයේ ප්‍රකාශ කළා.

HEER JqacAAa I8

 

කෙසේ වෙතත්, මෙහිදී ඇසට නොපෙනෙන කාරණා තිබෙන්නට ඉඩ ඇතැයි පැවසෙන අතර PSL තරගාවලියට සහභාගි වීමට නියමිත විදේශීය ක්‍රීඩකයින්ට එම තරගාවලියෙන් ඉවත් වන ලෙසටත් එසේ නැත්නම් දරුණු විපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් අනතුරු අඟවා ඇති බව සඳහන් වාර්තා මතුවී තිබෙනවා.

පාකිස්තාන රජයට විරුද්ධ සන්නද්ධ කල්ලියක් වන Jamaat-ul-Ahrar සංවිධානය ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත් හා ඩැරිල් මිචල් වැනි විදෙස් ක්‍රීඩකයින්ට තරගාවලියට සහභගි නොවන ලෙසට අනතුරු අඟවමින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ T20 ලීගය වෙනුවෙන් පාකිස්තානය ට පැමිණෙන ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සහතික විය නොහැකි බවට එම සන්නද්ධ කල්ලිය ප්‍රකාශ කර තිබෙනවා.

තමන් දරන මතය පැහැදිලි කර දෙන මේ කල්ලිය, ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට්වලට තමන් විරුද්ධ නැතත්, විදේශීය ක්‍රීඩකයින් සහභාගි වන මෙවැනි උසස් මට්ටමේ තරගාවලියක් පැවැත්වීමට පාකිස්තානයේ පවතින ආරක්ෂක තත්ත්වය යෝග්‍ය නොවන බවට තර්ක කරනවා.

 

cq5yq45n6u
“තමන්ගේ ක්‍රීඩකයින් පාකිස්තානයට එවන්න එපා කියලා අදාළ ක්‍රිකට් පාලක මණ්ඩලවලට උපදෙස් දෙන්න අපට අවශ්‍යයි. ඒ අයට මොනවා හරි වුනොත්, ඒක අපේ වගකීමක්‌ වෙන්නේ නැහැ. අපි දැනටමත් මේ ගැන අපේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා” යැයි Jamaat-ul-Ahrar සංවිධානයේ අණදෙන නිලධාරියෙක් විදෙස් මාධ්‍යට පවසා තිබෙනවා.

මේ අනතුරු ඇඟවීම විදේශීය ක්‍රීඩකයින් විසින් නොසලකා හැරියොත් සංවිධානය ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි ඇසූ විට එම නිලධාරියා මෙසේ කියා තිබෙනවා.

“අපි අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. නමුත් අපි තරග පවත්වන්න ඉඩ දෙන්නේ නැහැ. තරගාවලිය කඩාකප්පල් කර ක්‍රීඩකයින් පිටියට නොඒම සහතික කරන්න අපි අපේ උපරිමය කරනවා.”

මාර්තු 26 වැනිදා ආරම්භ වීමට නියමිත මේ වසරේ PSL තරගාවලියට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත් හා ඇඩම් සම්පා සහ එංගලන්තයේ මොයීන් අලි හා නවසිලන්තයේ ඩෙවොන් කොන්වේ ඇතුළු උසස් මට්ටමේ ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහභාගි වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්