leader s

මාලේ අගනුවර පැවැත්වෙන දකුණු ආසියානු වයස අවුරුදු 20න් පහළ පාපන්දු ශූරතාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සහභාගි වූ පළමු තරගයෙන් ම සත්කාරක මාල දිවයින ගෝල් 3-2කින් පරාජය කළේ ශ්‍රී ලංකා යොවුන් ජාතික පාපන්දු කණ්ඩායමක එදා මෙදා තුර එක් විශිෂ්ටතම ජයග්‍රහණයක් වාර්තා කරමින්.


මේ ජයග්‍රහණය වඩාත් සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාව තරගයේ පළමු භාගයේ ගෝල් 0-2කින් පිටුපසින් සිට දෙවැනි භාගයේදී ප්‍රබල ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කරමින් නැවත තරගයට අවතීර්ණ වීමයි.

තරගයේ දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තුවකට පසුව මොහමඩ් කතීම් ගෝලයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව පළමු වතාවට මේ තරගයේ පෙරමුණට ගෙන ආ අතර ඉන්පසුව 63 වැනි මිනිත්තුවේදී අහමඩ් හිජාසි ගෝලයක් වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකාව තරගයේ සම තත්ත්වයට පිවිසියා. තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු වුනේ 88 වැනි මිනිත්තුවේදී ලැබුනු පෙනල්ටිය එම්.අබ්දුල්ලා විසින් සාර්ථකව එල්ල කිරීමෙන්.

 

WhatsApp Image 2026 03 24 at 2.46.27 PM
‌මේ සටන්කාමී තරුණ ජයග්‍රහණයෙන් යළි සහතික කෙරෙන්නේ ශ්‍රී ලාංකේය පාපන්දුවේ ශක්තිමත් නැගී සිටීමයි. ශ්‍රී ලංකාවේ අනාගත පාපන්දු වීරයින්ට ඉතා වැදගත් වන මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පාපන්දුව නිවැරදි දිසාවට ගමන් කරන බව තහවුරු කරන සැබෑ සාක්ෂියක් බව පාපන්දු විශාරදයින් ප්‍රකාශ කරනවා.

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය අට වැනි වරට සංවිධානය කරන 2026 දකුණු ආසියානු වයස අවුරුදු 20න් පහළ ශූරතාවලිය (SAFF U20 Championship) මාලේ අගනුවර ජාතික පාපන්දු ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙනවා. දකුණු ආසියානු කලාපයේ අවුරුදු 20න් පහළ පිරිමි ජාතික කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් වන මෙය සංවිධානය කරන්නේ දකුණු ආසියානු පාපන්දු සම්මේලනයයි (SAFF).

රටවල් හතක් මේ තරගාවලියට සහභාගි වන අතර එම කණ්ඩායම් වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය, නේපාලය හා සත්කාරක රට වන මාල දිවයිනයි.

 

malemale 2
warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්