සෙනෙගාලය ඔවුන්ට අයිති නැති අප්‍රිකානු පාපන්දු කුසලානයක් ප්‍රදර්ශනය කරමින් සෙනසුරාදා සතුටු වුණා.
ප්‍රංශයේ ප්‍රධාන ක්‍රීඩාංගණයේදී පෙරු කණ්ඩායමට එරෙහිව පැවති මිත්‍ර පාපන්දු තරගයට පෙර සෙනෙගාල ක්‍රීඩකයින් එසේ ප්‍රදර්ශනය කළේ අප්‍රිකානු පාපන්දු බලධාරීන් විසින් මේ මස මුලදී ඔවුන්ට අහිමි කරනු ලැබූ කිරුළක් වන AFCON (Africa Cup of Nations Trophy) කුසලානය.
ජනවාරියේ පැවති 2025 අප්‍රිකානු පාපන්දු ශූරතාවලියේ අවසාන තරගයේ ප්‍රතිඵලය අවලංගු කළ අප්‍රිකානු පාපන්දු සම්මේලනය (CAF) මොරොක්කෝව ජයග්‍රාකයින් බවට නිවේදනය කළා.
අවසාන තරගය 0-0ක්ව තිබියදී තරගයේ අවසන් මොහොතේ සත්කාරක මොරොක්කෝව ට පෙනල්ටියක් පිරිනැමීමට විරෝධය පළ කරමින් සෙනෙගාලයේ ක්‍රීඩකයින් පිටියෙන් ඉවත්ව ගියා.
මිනිත්තු 17ක් පමණ ප්‍රමාද වී ඔවුන් නැවත පිටියට පැමිණීමෙන් පසුව මොරොක්කෝව ට පෙනල්ටිය සාර්ථකව එල්ල කිරීමට නොහැකි වූ අතර සෙනාගාලය අතිරේක කාලයේ ජයග්‍රාහී ගෝලයක් වාර්තා කළා.
මොරොක්කෝ පාපන්දු සංගමය විසින් කරන ලද අභියාචනයකට අනුව, සෙනෙගාලය පිටියෙන් පිටව යාමෙන් ඔවුන් ප්‍රතිවාදීන්ට නිතරග ජයක් ලබා දුන් බවට තීරණය කළ CAF මොරොක්කෝව ජයග්‍රාහකයින් බවට තීරණය කළා.

සෙනෙගාලය මේ තීරණය පිළිබඳව ඇපෑලක් ක්‍රීඩා බේරුම්කාර උසාවියට ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තීරණයක් හැකි ඉක්මනින් ලබා දෙන බව උසාවිය ප්‍රකාශ කර තිබෙනවා.
පෙරු සමග තරගයට පෙර සෙනෙගාල පාපන්දු නායකයා සහ ඔහුගේ කණ්ඩායමේ සගයින් AFCON කුසලානය සමග පිටියට පිවිස එය ප්‍රදර්ශනය කරමින් දිවගොස් ක්‍රීඩාංගණයේ ජනාධිපති කුටියේ එය තැන්පත් කළා.
මීට අමතරව සෙනෙගාලය තමන් අප්‍රිකානු කිරුළු දෙකක් එනම් මතභේදාත්මක 2025 ශූරතාව සහ 2021 කිරුළ දිනා ගත් බව දන්වා සිටීම පිණිස ක්‍රීඩකයින්ගේ කමිසයේ ලාංජනයට ඉහළින් තරු දෙකක් පැළඳ සිටියා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







