leader s

ඉතාලිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අසමත් වීමෙන් පසුව කැනඩාවේ වෙසෙන ඉතාලි පාපන්දු ලෝලීන් ඔවුන්ගේ ජාතික පාපන්දු කමිස කැනඩාවේ පාපන්දු කමිස සමග හුවමාරු කරගැනීමට පෙලඹී සිටිනවා.


ඉතාලිය ට පිට පිට තෙවැනි වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමේ ලජ්ජාව හමුවේ ඉතාලි ජාතික පාපන්දු පුහුණුකරු සහ ඉතාලි පාපන්දු සම්මේලනයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වුනා.

 

b565u

මේ වාතාවරණය මත තමන්ගේ ඉතාලි කමිස කැනඩා ලෝක කුසලාන කමිසවලට මාරු කරගන්නා ලෙසට කැනඩා පාපන්දු බලධාරීන් ටොරොන්ටෝ නුවර පදිංචිව සිටින ඉතාලි පාපන්දු ලෝලීන්ව උනන්දු කරවා තිබෙන්නේ “තවත් අවුරුදු හතරක් බලා ඉන්න එපා” යනුවෙන් ඔවුන් පොලඹවමින්.

“සත්කාරක කැනඩා කණ්ඩායමට චියර් කරන්න එක්වන්නැයි ඉතාලි-කැනඩා පුද්ගලයින්ට කැනඩා පාපන්දුව ආරාධනා කරනවා” යනුවෙන් සංවිධායකයින් පවසා තිබෙනවා.

ඒ අනුව, අප්‍රේල් 4 වැනි සෙනසුරාදා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා ටොරොන්ටෝ නගරයේ කොලේජ් වීදියේ Café Diplomatico පිටතදී තමන්ගේ ඉතාලි වර්ණ කැනඩා කමිසයකට හුවමාරු කරගෙන 2026 ලෝක කුසලාන ගැම්මට එක්වීමේ අවස්ථාව කැනඩා පාපන්දු නිලධාරීන් විසින් ඉතාලි ක්‍රීඩා ලෝලීන්ට පිළිගන්වා තිබුණා.

245y22y
“ගාස්තු අයකිරීමක් නැහැ. ඔබේ ඉතාලි ජර්සිය රැගෙන එන්න. එය මෙහි තබා කැනේඩියානු ජර්සියක් අරගෙන යන්න. තොග තිබෙන තුරු පමණයි. කලින්ම ඇවිත් ජර්සිය මාරුකර ගන්නා ලෙසට ක්‍රීඩා ලෝලීන්ව දිරිගන්වනවා” යනුවෙන් සංවිධායකයින් දන්වා තිබුණා.

තමන් සතුව තිබෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රීඩා නොකරන ඉතාලියේ කමිසය එම තරගාවලියේ ක්‍රීඩා කරන කැනඩාවේ කමිසයකට මාරු කරගැනීම සඳහා බලා සිටින ක්‍රීඩා ලෝලීන්ගේ  දිග පෝලිමක වීඩියෝවක් සමාජ මාධ්‍යයේ වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.

ක්‍රීඩා ලෝලීන් ළඟින් නවතා ඇති කැනඩා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුමේ පිංතූරයක් සහිත කළු පැහැති ට්‍රක් රථයක් ද එහි පෙනෙන්නට තිබෙනවා.

cq35yv45q4
එම ට්‍රක් රථයේ දර්ශනය වන පණිවුඩයක මෙසේ සඳහන්ව තිබෙනවා: “අපට ඔබේ දැඩි උද්යෝගය අවශ්‍යයි. මේ වතාවේ, රතු පාටත් එක්ක එකතු වෙන්න.”

කැනඩා කමිසයක් තෝරා ගැනීම සඳහා ක්‍රීඩා ලෝලීන් ගොඩනැගිල්ලකට ඇතුළු වන අන්දම‌ පෝලි‌මේ ඉදිරියෙන් දිස්වනවා.

එක් ක්‍රීඩා ලෝලියෙක් මේ අවස්ථාව හසුරුවන ස්වේච්ඡා සේවිකාවකට නිල් පැහැති ඉතාලි කමිසයක් බාර දෙන අතර ඇය පෙරළා ඔහුට රතු පාට කැනඩා ජර්සිය ලබා දෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.
 
candavw5y4wbywy
කෙ‌සේ වෙතත්, සංවිධායකයින් ඇත්තෙන්ම ඉතාලි කමිස එකතු කළේ නැහැ. ඒ වෙනුවට, මේ ක්‍රියාවලියේ අරමුණ වී තිබුනේ කැනඩා කමිස නොමිලේ බෙදා දීමයි. කැනඩාව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබ සිටින්නේ අමෙරිකාව හා මෙක්සිකෝව සමග තරගාවලියේ සත්කාරක රටවල් තුනෙන් එකක් ලෙසින්.
කැනඩාව ඔවුන්ගේ ලෝක කුසලාන මෙහෙයුම ජූනි 12 වැනිදා ආරම්භ කරන්නේ ඉතාලිය මේ තරගාවලියෙන් ඉවතට විසි කිරීමට සමත් වූ බොස්නියා සහ හර්සගොවිනා කණ්ඩායමට එරෙහිවයි. ඉන්පසුව ඔවුන් කටාර් සමග ජූනි 18 වැනිදාත්, ස්විට්සලන්තය සමග ජූනි 24 වැනිදාත් තරග වැදීමට නියමිතයි.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්