leader s

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී තමාගේ ලිංගික සුදුසුකම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයට ලක්වූ තායිවානයේ

ලින් යූ-ටිං (Lin Yu-ting) රන් පදක්කම්ලාභී බොක්සිං ක්‍රීඩිකාවට එම තරගයෙන් පසුව ප්‍රථම වතාවට සහභාගි වූ ආසියානු බොක්සිං සුපිරි ශූරතාවලියේ හිමිවූයේ ලෝකඩ පදක්කමයි.

සුදුසුකම් ලැබීමේ නව ප්‍රතිපත්තියට අනුව බොක්සිං ක්‍රීඩිකාවන් අනිවාර්ය ලිංගික පරීක්ෂාවකට ලක්විය යුතු බවට ගෝලීය බොක්සිං පාලකයින් වන ලෝක බොක්සිං ආයතනය (World Boxing) නිවේදනය කිරීමෙන් පසුව ලින් පසුගිය වසරේ පැවති ලෝක ශූරතාවලියේ තරග නොකිරීමට තීරණය කළා.

මේ ප්‍රතිපත්තිය හඳුන්වා දී තිබුනේ ලින් සහ ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් යන ක්‍රීඩිකාවන් දෙදෙනා ම ස්ත්‍රී - පුරුෂ බවේ මතභේදය මධ්‍යයේ පැරිසියේදී රන් පදක්කම් දිනා ගැනීමෙන් පසුව.

පසුගිය මාසයේදී, තායිවාන බොක්සිං සම්මේලනය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයකින් පසුව 30 හැවිරිදි ලින් ට කාන්තා අංශයේ තරග කිරීම සඳහා ලෝක බොක්සිං ආයතනය අවසර ලබා දුන්නේ මොන්ගෝලියාවේ පැවති ආසියානු ශූරතාවලියට සහභාගි වීම පිණිස ඇයට මං විවර කරමින්.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 57 රන් පදක්කම දිනා ගැනීමෙන් පසුව කිලෝග්‍රෑම් 60 අංශයේ තරග වැදීම පිණිස ආසියානු බොක්සිං වළල්ලට පා තැබූ ඇය උතුරු කොරියාවේ වොන් යුන් යොන්ග් ට අවසන් පූර්ව තරගයේ පරාජය වෙමින් ලෝකඩ පදක්කමකින් ඇගේ තරග අවසන් කළා.

“ඔලිම්පික්වලින් පසුව කිලෝග්‍රෑම් 60 අංශයේ අපි මේ තරග කළේ ප්‍රථම වතාවටයි” ලින්ගේ පුහුණුකරු සෙන්ග් සූ-චියං තායිවානයේ ‘සෙන්ට්‍රල්’ ප්‍රවෘත්ති ඒජන්සියට කියා තිබුණා.

“ප්‍රතිවාදිනියගේ නිපුණතාව, උපායමාර්ග හා තරග කරන විලාසය අපට අමුතුයි. ඒ නිසා අපි මේ අවස්ථාව අධීක්ෂණය හා ඉගෙන ගැනීමට පාවිච්චි කළා” යැයි සෙන්ග් පැවසුවා. ලින් දැන් මේ වසරේ අග ජපානයේ පැවැත්වෙන අසියානු ක්‍රීඩා උළෙලේ තරග කිරීම ඉලක්ක කරගෙන සිටින බව පුහුණුකරු සඳහන් කළා.

“යූ-ටිං දිගු කාලයක් තරග කර තිබු‌නේ නැහැ. ඒ නිසා ඇගේ ශාරීරික තත්ත්වය තැනට ඔබින විදියට නොතිබුනු බව හොඳින් පෙනුනා. මේ පාර පැරදුනු එක නරක දෙයක් නෙවෙයි. අඩුම ගානේ දියුණු වෙන්න සහ පැහැදිලි ඉදිරි මාවතක් එයින් පෙන්නුම් කළා” යනුවෙන් පුහුණුකරු වැඩිදුරටත් කියා සිටියා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්