leader s

බ්‍රසීලයේ රියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණය වසර අටක් ඇතුළත තෙවැනි වතාවටත් බදාදා ගිනිගත්තා.


මකුළු දැලක් මෙන් විස්මිත රටාවකින් පැතිරුණු මහා ගින්නකින් ක්‍රීඩාංගණයේ වහලය විනාශ වන අයුරු ඡායාරූපවලින් දිස්වනවා.

හදිසි සේවාවන් ඔලිම්පික් උද්‍යානයේ ක්‍රීඩාංගණයට පෙරවරු 4.17 ට පැමිණෙන විට වහලෙන් අඩක්ම විනාශ වී තිබුණා. ට්‍රක් රථ 20කින් පැමිණි ගිනිනිවන භටයින් 80ක් පමණ ගින්න සමග සටන් කරද්දී කළු දුමාරය නගරය හරහා අහසට නැගුනා.

 

rio

ගින්න වැඩි වශයෙන් සීමා වී තිබුනේ කැන්වස් රෙද්දෙන් යුත් වහලට බව බලධාරීන් ප්‍රකාශ කළා. ක්‍රීඩාංගණයේ ඇති පාපැදි තරගපථයට (වෙලඩ්‍රෝම්) අභ්‍යන්තර හානි සිදුව නැතැයි රියෝ නුවර ගිනිනිවන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

“අපි ලොකු ඛේදවාචකයක් වළක්වා ගත්තා” යනුවෙන් ඔවුන් කියා සිටියා. “ගින්න හටගැනීමට හේතුව අපි දන්නේ නැහැ. ඒක තහවුරු කරන්න පුළුවන් අධිකරණ පරීක්ෂණයකට විතරයි. නමුත් ගින්න පටන් ගත්තේ පිටතින්, කැන්වසය මත බව පැහැදිලියි.”

“වෙලඩ්‍රෝමයේ වහල සම්පූර්ණයෙන්ම සාදා තිබෙන්නේ සින්තෙටික් රෙද්දෙන්. මේ කැන්වසය උණුවෙලා ගියේ මකුළු දැලක් වැනි හැඩයකින්.”

2026 according city authorities velodrome 1072228107

වාසනාවකට තුවාල සිදුවීම් කිසිවක් වාර්තා නොවූ අතර ගින්න පාලනය කෙරුනා. ගින්නට හේතුව සොයා දැන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

 



ධාවන පථයට හානියක් සිදුව නැති බව මූලික තක්සේරුවෙන් තහවුරු වී ඇතැයි රියෝ ඩි ජනේරෝ නගරයේ පුරපති පවසනවා.

2016 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අවුරුද්දකින් පසුව අහස් ලන්තෑරුමක් වැටීමෙන් මේ ක්‍රීඩාංගණයේ දැවැන්ත ගින්නක් හටගත්තා. 2017 වසරේ ඇතිවූ එම සිද්ධියේදී වහල මැදින් පැතිර ගිය ගින්නෙන් පයින් දැවෙන් තැනූ ධාවන පථයේ එක් වංගුවක් මුළුමනින්ම පිළිස්සුනා.

ඒ හා සමාන තවත් ගින්නක් හටගැනීමට ගතවූයේ මාස කිහිපයක් පමණයි.

 

rio velodrome sport preview 02

ආසන 5,000කින් සමන්විත ක්‍රීඩාංගණය ඔලිම්පික් උළෙල පැවැත්වීමට පෙර මතභේදයකට මාතෘකාව වී තිබුනේ එම සයිබීරියානු පයින් ලීයේ ධාවන පථය ලෝකයේ භාගයක් දුරක සිට ප්‍රවාහනය කිරීමේදී අතරමග හිරවී තිබූ බැවින්.

ඉන්පසුව එම ධාවන පථය ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සූදානම් කිරීමේ වැඩකටයුතු තමන්ටම සම්පූර්ණ කිරීමට ඉදිකිරීමේ කාර්ය මණ්ඩලයට සිදුවුණා. ඊට හේතු වුනේ එම ධාවන පථය අතුරන විට උළෙල ආරම්භ වීම සඳහා ඉතිරිව තිබුනේ තවත් සති කිහිපයක් පමණක් වූ බැවින්.

එතැන් සිට ‌මේ ක්‍රීඩාංගණය බ්‍රසීලියානු ජාතික පාපැදි හා බරඉසිලීමේ කණ්ඩායම්වල ප්‍රධාන පුහුණු ස්ථානය වී තිබෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිහිවටන හා කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය කෙරෙන ඔලිම්පික් කෞතුකාගාරයට නිවහන වී තිබෙන්නේ ද මේ ස්ථානයයි.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්