leader s

චීනයේ සන්යා වෙරළබඩ නගරයේ පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 77 දෙනෙක් සහභාගි වනවා.

ක්‍රීඩකයින් 40ක් හා ක්‍රීඩිකාවන් 37 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී ක්‍රීඩා අටකට සහභාගි වන බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කරනවා. අප්‍රේල් 22 ඇරඹෙන මේ ක්‍රීඩා උළෙල අවසන් වන්නේ අප්‍රේල් 30 වැනිදා.

නිලධාරීන්, පුහුණුකරුවන් සහ වෛද්‍ය මණ්ඩලය ද ඇතුළුව ශ්‍රී ලංකාව නියෝජනය කරන සාමාජිකයින්ගේ මුළු සංඛ්‍යාව 109ක්.

 

665921249 1404194355075072 9073237363852028938 n

ශ්‍රී ලංකා කණ්ඩායම තරග කරන ක්‍රීඩා අට වන්නේ වෙරළ මලල ක්‍රීඩා, වෙරළ  කබඩි, වෙරළ හෑන්ඩ්බෝල්, වෙරළ වොලිබෝල්, 3x3 බාස්කට්බෝල්, විවෘත ජල පිහිනුම්, වෙරළ මල්ලවපොර හා ඔරු පැදීම.

667876321 1404194481741726 4387367798575000629 n

ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා‌වේ ධජ රැගෙන ගමන් කරනු ඇත්තේ ලක්ෂිකා සුගන්ධි හා හරේන් දිනෙත් වික්‍රමතිලක. සුගන්ධි මලල ක්‍රීඩාවේ කාන්තා මීටර් 60 සහ මීටර් 60x4 ඉසව්වල තරග වදින අතර වික්‍රමතිලක පිරිමි ඔරු පැදීම තරගවල ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් ඔලිම්පික් නිවහනේ පැවති අවස්ථාවේදී නිල කණ්ඩායම් ඇඳුම් හා සමාරම්භක උත්සවයේ ඇඳුම් කට්ටල නිරාවරණය කෙරුනේ ජාතික සංකේතනය හා නූතන මෝස්තරවල කැපී පෙනෙන මිශ්‍රණයක් ප්‍රදර්ශනය වෙමින්.

669681650 1404194411741733 8389064127142370743 n

 

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ උපසභාපතිනි සහ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කමිටුවේ සභාපතිනි නිලූ ජයතිලක, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් රිෆ්ඩි ෆාමි, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්.අච්චුදන්, ජාතික ඔලිම්පික් කමිටුවේ උපසභාපති ශිරන්ත පීරිස්, විධායක මණ්ඩල සාමාජික අසංක ආරියචන්ද්‍ර සහ 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී සමිත් තිලිණ ද, ඒ ඒ ක්‍රීඩා නියෝජනය කරන්නෙකු බැගින් ද මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වුනා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්