leader s

ලෝක ප්‍රසිද්ධ බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායිකා ආශා බෝස්ලේගේ අභාවයෙන් ඉන්දියාව ශෝක වෙද්දී ඇය හිටපු ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නකු වන බ්‍රෙට් ලී සමග සංගීත වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා එක්වූ අවස්ථාවක් පිළිබඳව මතකය අවදි වී තිබෙනවා.


හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා බෝස්ලේව ඉන්දියානු සංගීතයේ එරීත ෆ්‍රැන්ක්ලන් (Aretha Franklin) ලෙසින් හඳුන්වා තිබෙනවා. ඇය අමෙරිකානු සුප්‍රසිද්ධ ගායිකාවක්.

සංගීතය හා ක්‍රිකට් ක්‍රීඩාව එකිනෙක මුණගැසුනු විරල අවස්ථාවකදී, ආශා බෝස්ලේ You’re the One for Me නමැති ගීතය සඳහා ලී සමග එක්වූ අතර එය 2007 වසරේ ජනවාරි මාසයේ නිකුත් කෙරුනා.

ගීතය එසැණින් ජනප්‍රිය වූයේ ගායිකාව හා ක්‍රිකට් ක්‍රීඩකයා අතර ඇතිවූ අනපේක්ෂිත සහයෝගීතාව ක්‍රිකට් ලෝලීන් විසින් ආදරයෙන් වැළඳ ගැනීමෙන්.

 

lee

2006 චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා තමා ඉන්දියාව ට ගිය අවස්ථාවේදී එම සංගීත වීඩියෝව රූ ගත කළ බව බ්‍රෙට් ලී ඔහුගේ My Life නමැති ස්වයං ලිඛිත චරිතාපදානයෙන් යළි මතකයට ගෙනැවිත් තිබෙනවා. මේ ඔස්ට්‍රේලියානු ජාතිකයා Haan, main tumhara hu, tumhara hi rahunga වැනි හින්දි පද ගායනා කිරීමට පවා උත්සාහ කර තිබෙනවා.

“මම ලොකු සතුටක් ලැබුවා. මම කරන්න යන්නේ මොකක්ද කියලා මම මගේ කණ්ඩායමේ සගයන් කිසිවෙකුටත් කීවේ නැහැ. වීඩියෝව රූ ගත කිරීමට යද්දී මම එයාලට කිවුවේ මම ඔහේ පාරේ ඇවිදින්න යනවා කියලයි. ඒ පටිගත කිරීමේ අත්දැකීමෙන් මාස හතරකට පස්සේ, ආශා ඔපෙරා නිවහනේ ප්‍රසංගයක් සඳහා සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ මම ඇයව මුණගැසුනා. එතැනදී ඇය අගේ ඇල්බමය පෞද්ගලිකව අත්සන් කළ පණිවුඩයක් සමග මට දුන්නා. එය මගේ එක වටිනා වස්තුවක් ලෙසින් හැමදා මගේ ළඟ තියේවි” යනුවෙන් ලී ලියා තිබෙනවා.


එම ගීතය Asha and Friends නමැති ඇල්බමයේ කොටසක් වී තිබුනා. ගීතයේ පද රචනය කිරීම තමා මිනිත්තු 30ක් ඇතුළත සම්පූර්ණ කළ බවත් එම අත්දැකීම තමාට අලුත් නිර්මාණාත්මක මඟක් විවර කළ බවත් ලී කියනවා.

“මට සිංදු කියන්න පුළුවන් බව ඔප්පු කරන්න මට සිද්ධ වෙලා තිබුනා. මම අපේ කණ්ඩායමට වෙන්කර තිබූ හෝටලයේ කාමරයක සිංදු දෙකක් කියලා ඒ පරීක්ෂණය සමත් වුනා.”

 

asha bosle

ආශා බෝස්ලේ සමග තිබූ සහයෝගීතාව වසර කිහිපයකට පසුව ආවර්ජනය කරමින් ලී පවසන්නේ එය තමාගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් වූ බවයි.

“ඇය ඉතා හොඳ ගතිගුණ තියෙන ආදරණීය මහත්මියක්. ඒකාන්තයෙන්ම ලෙජන්ඩ් කෙනෙක් වන ඇය සමග වැඩ කරන්න ලැබීම මට උදාවූ විශිෂ්ට අවස්ථාවක්. වයස හැත්තෑ ගණන්වල සිටි ඇය බොලිවුඩ් චිත්‍රපට වෙනුවෙන් දහස් ගණන් ගීත ගයා තිබෙනවා. ගණන් කළ නොහැකි තරමට ගීත ඇල්බම් නිකුත් කර තිබෙනවා. ඉන්දියානු සංගීතයේ හිටපු එරීත ෆ්‍රැන්ක්ලන් ඇයයි!”
warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.   

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්