leader s

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.


වොෂින්ටන්හි පැවැති ආයෝජන සමුළුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා නොගත යුතු බවය.

"අපි බලාපොරොත්තු වෙනවා ඒ වන විට කලාපයේ සාමකාමී වාතාවරණයක් පවතිනු ඇති බව. එය ක්‍රීඩාවට ලොකු රුකුලක්. කෙසේ වුවත් ඉරානය තරගාවලියට පැමිණිය යුතුමයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

409879ජියානි ඉන්ෆැන්ටිනෝ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ඉරානය මෙම තරගාවලියට සහභාගී වීම සුදුසු නොවන බවත්, එය ක්‍රීඩකයන්ගේ ජීවිතවලට පවා අවදානමක් විය හැකි බවත්ය.

ඉරාන උත්තරීතර නායකයා ඝාතනය වීමෙන් පසු ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා පෙබරවාරි මාසයේදී පවසා තිබුණේ තම රට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී නොවන බවය.

සිය තරග ඇමෙරිකාවෙන් බැහැරව මෙක්සිකෝව වෙත මාරු කරන ලෙස ඉරානය කළ ඉල්ලීම ෆිෆා ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඉරානය සහ අමෙරිකාව අතර පාපන්දු පිටියේ පවතින්නේ දීර්ඝ ඉතිහාසයකි.

 

ig5656ybrty

1998 වසරේදී ඉරානය ඇමෙරිකාව පරාජය කරමින් සිය පළමු ලෝක කුසලාන තරග ජයග්‍රහණය වාර්තා කළ අතර, 2022 වසරේදී අමෙරිකාව විසින් ඉරානය පරාජය කිරීමට සමත් විය.

මෙවර තරගාවලියේදී ඉරානය සිය මූලික වටයේ තරග ලොස් ඇන්ජලීස් සහ සීඇටල් නගරවලදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

| aruna

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්