leader s

මැද පෙරදිග යුද්ධය තිබියදීත් ඉරානය නිසැකයෙන්ම ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වනු ඇති බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ සහතික වනවා.

“ඉරානය නොවරදවාම එනවා. තරගාවලිය ආරම්භ වන විට තත්ත්වය සාමකාමී වෙලා තියේවි කියා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම වුනොත් ඔවුන්ගේ පැමිණීමට එය ඇත්තෙන්ම උපකාරයක් වේවි” යනුවෙන් ඉන්ෆන්ටීනෝ ප්‍රකාශ කරනවා.
 
“නමුත් ඉරානය පැමිණිය යුතුයි. ඉරාන පාපන්දු කණ්ඩායම විසින් නියෝජනය කරනු ලබන්නේ ඉරාන ජනතාවයි. ඔවුන් මේ තරගාවලියට සුදුසුකම් ලබා තියෙනවා. ඔවුන්ගේ ක්‍රීඩකයින්ට ලෝක කුසලානයේ ක්‍රීඩා කිරීමට අවශ්‍යයි” ඔහු කියා සිටිනවා. ඉරාන කණ්ඩායමේ තරග ජූනි මාසයේ අමෙරිකාවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ig5656ybrty
 
ගෝලීය පාපන්දු තරගාවලියේ ඉරානයේ සහභාගිත්වය සැකසහිත වී තිබෙන්නේ ඔවුන්ට අමෙරිකාව හා ඊශ්‍රායලය සමග තිබෙන යුද්ධය හේතුවෙන්.

“ක්‍රීඩාව දේශපාලනයෙන් පිටත තිබිය යුතුයි” ඉන්ෆන්ටීනෝ පවසනවා. “රටවල් අතර පාලම් තනමින් ඔවුන් එකට බැඳ තබා ගැනීම ගැන විශ්වාස කරන වෙන කෙනෙක් නැත්නම්, අපි ඒ වැඩේ කරනවා” යනුවෙන් ලෝක පාපන්දු ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කරනවා.
 
fifa 2y3r8
අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් යුතුව 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජූනි 11 වැනිදා ආරම්භ වනවා.
 
warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්